ටොරෙන්ට් වෙබ් අඩවි හරහා අසීමිතව නොමිලේ ෆිල්ම්ස් හා මෘදුකාංග ඩවුන්ලෝඩ්
කිරීම
මේ සඳහා මුලින්ම පරිගණකයට ටොරන්ට් ක්ලයන්ට් කියා හඳුන්වන වැඩසටහනක් ඉන්ස්ටෝල් කර ගත යුතුය. ඉන්පසු තමාට අවශ්‍ය මෘදුකාංග හෝ චිත්‍රපටය හෝ වෙනත් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් හෝ
ටොරන්ට් සර්ව් එන්ජිමක් හරහා සොයා ගත යුතුය. අනතුරුව එය ඩවුන්ලෝඩ් කර ගත යුතු ය.මෙම ටොරන්ට් ෆයිල් එක හුදෙක් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් පමණි. එය ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකට ඩ්රැග් කොට දැමිය යුතුය.එතැන් පටන් එම ටොරන්ට් ෆයිල් එකට අදාළ මෘදුකාංගය හෝ චිත්‍රපටය හෝ ඩවුන්ලෝඩ් වීම ඇරඹේ. දැන් මේ ඩවුන්ලෝඩ් විමට අන්තර්ජාල වේගය බලපාන්නේ නැත.අන්තර්ජාල සම්බන්ධය විසන්ධිවීම හෝ පරිගණකය ෂඩ්ඩවුන් කිරීම බලපාන්නේ නැත. අද ඩවුන්ලෝඩ් වෙමින් තිබියදි, පරිගණකය ක්‍රීයාත්මක කොට අන්තර්ජාල සම්බන්ධතාව ලබා දුන් විට ඩවුන්ලෝඩ් වීම නැවතුණු තැන සිටය.
ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන ඉන්ටෝල් කිරීම
හොඳම ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන වෙන්නේ බිට්ටොරන්ට්ය. මෙය නොමිලේ ලබාගත හැකි ඕපන්සෝස් වැඩසටහනකි. www. bittorrent. comවෙබ් අඩවියට පිවිස මෙය ඩවුන්ලෝඩ් කරගත හැක. එවිට ඩවුන්ලෝඩ් වෙන්නේ bit tirrent7.2.lexe යන සෙටප් මේ මත ඩබල් ක්ලික් කළ විට එය ඉන්ස්ටෝල් වේ.
බිට් ටොරන්ට් වැඩසටහන ඉන්ස්ටෝල් වු පසු පරිගණකයේ start මෙනුවෙන්All programs යන්න ක්ලික් කර ප්‍රධාන මෙනුව තුළ ඇති bit torrent යන්න මඟින් ඒ වෙත පිවිසිය හැක.
මෙම වැඩසටහන වෙත පිවිසුණු පසු වෙනත් වැඩසටහන් තුළදී මෙන් ඇප්ලිකේෂන් වින්ඩෝ එකක් විවෘත නොවෙයි. ඒ වෙනුවට ටාස්ක් බාර් එකෙහි වම් පස ඇති, සිස්ටම් ට්‍රේ එක තුළ bit torrent අයිකන් එක පෙන්වා වැඩසටහන ක්‍රියාත්මකව ඇති බව හඟවයි.
මෙම වැඩසටහන වෙත පිවිසුණු පසු වෙනත් වැඩසටහන් තුළදී මෙන් ඇප්ලිකේෂන් වින්ඩෝ එකක් විවෘත නොවෙයි. ඒ වෙනුවට ටාස්ක් බාර් එකෙහි වම් පස ඇති, සිස්ටම් ට්‍රේ එක තුළ bit torrent අයිකන් එක පෙන්වා වැඩසටහන ක්‍රියාත්මකව ඇති බව හඟවයි.
අන්තර්ජාලයෙන් ටොරන්ට් ෆයිල් සෙවීම
අන්තර්ජාලයෙන් ටොරන්ට් ෆයිල් සෙවීමට ටෙරන්ට් සර්ච් එන්ජින් එකක් භාවිතා කළ යුතුය. ටෙරන්ට් සර්ච් එන්ජින් එකක් යනු, ටොරන්ට් ෆයිල් සෙවීමට සකස් කර ඇති සර්ච් එන්ජින්ය.මෙවැනි ප්‍රසිද්ධ සර්ච් එන්ජින් ගණනාවක් තිබේ. Thepiratebay.org‚ torrentz.com‚ seedpeer.com‚ www. yourbittorrent. com‚ isohunt. com‚ torrenttree.com‚ torrentpond.com යනු ඉන් ජනප්‍රිය කීපයකි.
මෙම ටෙරන්ට් සර්ච් එන්ජින් අතරින් වඩාත් ජනප්‍රියතම සර්ච් එන්ජිම වෙන්නේ ද ‘පයිරේට් බේ’ (www.Thepiratebay.org) ය.Click එනිසා මෙහිදී විස්තර කොට ඇත්තේ එම වෙබ් අඩවිය ඇසුරෙන් ටොරන්ට් ෆයිල් සොයා ගන්නා ආකාරයයි.
මේ සඳහා මුලින්ම ‘ද පයිරේට් බේ’ සර්ච් එන්ජින් එක වෙත පිවිසෙන්න. සෙවීමට අවශ්‍ය කරන ෆයිල් එකෙහි නම මෙහි පහළින් ඇති සර්ච් බොක්ස් එක තුළ සඳහන් කර යතුරු පුවරුවේ ඇති Enter යතුර තද කරන්න.එවිට අදාළ නමින් තිබෙන ෆයිල් එන ඇති ටෙරන්ට් ෆයිල් වල නාමාවළියක් පෙන්වනු ලබයි. එවිට විවෘත වෙන පිටුව තුළ ඇති Type නම් ස්ථානය ඇත්තේ අදාළ ටොරන්ට් ෆයිල් එක තුළ ඇති වැඩසටහන ධාවනය වෙන්නේ කුමන මෙහෙයුම් පද්ධතියේද යන්නයි. එයට දකුණු පසින් ඇති Name (order by:uploaded‚ Size‚ ULed by‚ SE‚LE) නම් ස්ථානයේ අදාළ මාතෘකාව යටතේ ඇති ටොරන්ට් ෆයිල්වල වම් ලැයිස්තුව පෙන්වයි.
මෙහි SE සහ LE යන තීරුවල ඉලක්කම් වැඩිඅගයක් ගන්නා ටොරන්ට් එකක් වේ නම් එය විශ්වාසනීය එකකි. මන්ද, එමඟින් පෙන්වන්නේ වැඩි දෙනෙක් එම ටොරන්ට් එක ඩවුන්ලොඩ් කරමින්ද - අප්ලෝඩ් කරමින්ද සිටින බවයි.දැන් මේ තුළින් අවශ්‍ය ටොරන්ට් ෆයිල් එකෙහි නමට එම ලින්ක් එක මත ක්ලික් කළ විට එම ටොරන්ට් ෆයිල් එක පිළිබඳ විස්තර අඩංගු පිටුව විවෘත වේ. මෙවම පිටුවේ එම ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කර ගත් විවිධ අයගේ අදහස් දක්වා තිබේ. ටොරන්ට් එක හොද එකක්ද - නරක එකක්ද යන්න ගැන අදහසක් එමඟින් ද ලබාගත හැක.
මේ සියල්ල විමසා බලා අදාළ ටොරන්ට් ෆයිල් එක අපට අවශ්‍යම එකක්දැයි හොදින් තහවුරු කරගත් පසු එය ඩවුන්ලෝඩ් කර ගත හැක. ඒ සඳහා Download this torrent (Magnet link) ලින්ක් එක ක්ලික් කරන්න.
එවිට විවෘත වෙන්නේ එම ටොරන්ට් ෆයිල් එක සේව් කර ගෑනීම සඳහා වන ඩයලොග් බොක්ස් එකයි. දැන් මේ තුළ ඇති Save File) නම් බට්න් එක ක්ලික් කිරීමෙන් ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි.මෙය ප්‍රමාණයෙන් කිලෝබයිට් කීපයකින් සමන්විත කුඩා ෆයිල් එකකි.
ටොරන්ට් ෆයිල් ඩවුන්ලොඩ් කිරීම
ඉහත සඳහන් කර ඇති ආකාරයට torrent එක්ස්ටෙන්ෂන් එකෙන් ඇති කුඩා ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් පසු එය වෙනත් ඕනෑම පරිගණකයකදී ක්‍රියාත්මක කරවන්නට පුළුවන. ඒ සඳහා එම පරිගණකයේදී බිට්ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන තිබිය යුතු අතර අන්තර්ජාල සම්බන්ධයද තිබිය යුතුය..
මෙසේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමට දැනටමත් පරිගණකයට ඩවුන්ලෝඩ් කරගෙන ඇති torrent එක්ස්ටෙන්ෂන් එක යටතේ තිබෙන ෆයිල් එක මත ඩබල් ක්ලික් කළ යුතුය.එවිට එම ටොරන්ට් ෆයිල් එකට අදාළ ඩයලොග් බොක්ස් එකක් විවෘත වේ. දැන් එහි ඉහළින් ඇති Save as ස්ථානයෙන් ටොරන්ට් ෆයිල් එක සේව් කරගත යුතු තැන තෝරා දිය යුතුය. ඒ සඳහා ඒ යටතේ ඇති ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙහි ඉදිරියෙන් තිබෙන කුඩා බට්න් එක ක්ලික් කරන්න. දැන් එම ෆයිල් එක සේව් විය යුතු තැන තෝරා දිය හැක. දැන් මෙහි ඇති OK නම් බට්න් එක ක්ලික් කළ විට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වීම ඇරඹේ. ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමට විවෘත වෙන මෙම ඩයලොග් බොක්ස් එකෙහි‚ එම ටොරන්ට් ෆයිල් එක ගැන විස්තර ද තිබේ. ඒ Torrent Contents නම් ස්ථානයට පහළින් ඇති ස්ථානයෙනි. එමෙන්ම එයට පහළින් ඇති බොක්ස් එක තුළ එම ටොරන්ට් ෆයිල් එකෙහි අන්තර්ගතයද පෙන්නුම් කරනු ලබයි.
ඩවුන්ලෝඩ් වීමට අදාළ විස්තර දැන ගැනීම
සිස්ටම් ට්‍රේ එක තුළ ඇති Bid torrent අයිකන් එක මත ඩබල් ක්ලික් කරන්න. එවිට විවෘත වෙන්නේ Bid torrent වින්ඩෝ එකයි. මේ තුළින් ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එකට අදාළ විස්තර දැන ගැනීම සඳහා වම්පස ඇති කැටගැරි ලිස්ට් එක තුළින් downloading යන්න ක්ලික් කරන්න. දැන් එයට දකුණු පසින් ඇති ස්ථානයේ ෆයිල් එකෙහි නම දැක්වේ. මිළඟට මේ මත ක්ලික් කොට අදාළ විස්තර දැනගත හැක. එහිදී එම ස්ථානයට පහළින් ඇති downloaded යන්නට ඉදිරියෙන් පෙන්වන්නේ ෆයිල් එකෙහි දැනට ඩවුන්ලෝඩ් වී ඇති ප්‍රතිශතයයි. මෙහි Availability නම් ස්ථානයේ ඩවුන්ලෝඩ් වන ආකාරය පෙන්වයි.
මෙම ඩවුන්ලෝඩ්වීමට අදාළ තවත් විස්තර පෙන්වන්නේ පහළින් ඇති Transfer යන්න යටතේය. මෙහි පහත සඳහන් දේ තුළින් ඩවුන්ලෝඩ් කිරීමට අදාළ විස්තර කීපයක් පෙන්වනු ලබයි.
• Time elapsed - ඩවුන්ලෝඩ් වීම සඳහා දැනට ගත වි ඇති කාලය
• Remaining - ඩවුන්ලෝඩ් වී ඇති කාලය
• Downloaded - ඩවුන්ලෝඩ් වී ඇති ධාරිතාව
• Uploaded - අප්ලෝඩ් වී ඇති ධාරිතාව
• downloaded Speed - ඩවුන්ලෝඩ් වීමේ වේගය
• Upload speed - අප්ලෝඩ් වීමේ වේගය
• Status - දැනට සිදුවන ක්‍රියාකාරකම ( ඩවුන්ලෝඩ් වන බව හෝ නවතා දමා ඇති බව ආදිය)
ඩවුන්ලෝඩ් වීම තාවකාලිකව නතර කිරීම
යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන විට එම කාර්ය තාවකාලිකව නතර කිරීමට අවශ්‍ය Bid torrent නම් වින්ඩෝ එකෙහි ඉහළින් ඇති ටූල් බාර් එක තුළින්pause නම් බට්න් එක ක්ලික් කරන්න. ඒ ආකාරයෙන් තාවකාලිකව නවතනු ලැබූ ඩවුන්ලෝඩ් විම නැවත ආරම්භ කරවීමට නම් එම ටූල් බාර් එක තුළ ඇති start නම් බට්න් එක ක්ලික් කරන්න.
ඩවුන්ලෝඩ්වීම සහ අප්ලෝඩ්වීම ගැන විස්තර ප්‍රස්ථාරයෙන් දැක ගැනීම
යම් ෆයිල් එකක් අපගේ පරිගණකයට ලබා දෙන විට වෙන්නේ ඩවුන්ලෝඩ් වීමකි. අපගේ පරිගණකයෙන් යම් ෆයිල් එකක් අන්තර්ජාලයට එක් කරන වීට ක්‍රියාත්මක වෙන්නේ අප්ලෝඩ් වීමේ ක්‍රියාවයි.බීට් ටොරන්ට් මඟින් ෆයිල් එකක් ලබා ගන්නා විට‚ එම ෆයිල් එක අප ඩවුන්ලෝඩ් කරගන්නවා සේම අපගේ පරිගණකයේ ඇති ඩවුන්ලෝඩ් වු ෆයිල් කොටස්‚ ඉල්ලා සිටින වෙනත් කෙනෙකුට ඩවුන්ලෝඩ් කර ගැනීමටද ටොරන්ට් ප්‍රොටකෝලය ඉඩ දෙයි.එය ටොරන්ට් ෆයිල්වල ස්වභාවයයි.
ඉන්ටනෙට් තුළින් ටොරන්ට් ෆයිල් එකක් සොයා ගෙන එයට ක්ලික් කළ විට, පරිගණකයේ දැනටමත් ඉන්ස්ටෝල් කොට ඇති ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගය විසින් එම ටොරන්ට් ෆයිල් එක ගැන
සොයා බැලීම අරඹනු ලබයි. ඒ මෙම ටොරන්ට් ෆයිල් ෂෙයාරින් කටයුතු හසුරුවන සර්වන් පරිගණකය සමඟ සම්බන්ධ වෙමිනි. ට්රැකර් (tracker) යන නමින් හඳුන්වන්නේ මෙම සර්වයයි.
මෙහිදී මුලින්ම සොයා ගන්නේ ඉල්ලා සිටින ෆයිල් එක තිබෙන, දැනටමත් ටොරන්‍ට් ක්ලයන්ට් මෘදුකාංගයක් ක්‍රියාත්මකව ඉන්ටනෙට් සමඟ සම්බන්ධ වී තිබෙන පරිගණක මොනවාද කියාය.එවිට මේ ඉල්ලා සිටින ෆයිල් එක සම්පූර්නයෙන්ම ඩවුන්ලෝඩ් වී තිබෙන පරිගණක එකක්වත් අඩුම තරමින් තිබිය යුතුය.කීපයක් තිබුනොත් වඩා හොඳය. සීඩ් (seed) කියා හඳුන්වන්නේ මේ පරිගණකයයි.ඒ සමඟ දැනටමත් මේ ෆයිල් එකම ඉල්ලා සිටි නමුත් එය ඩවුන්ලෝඩ් වෙමින් පවතින පරිගණකද ලොව කොතනකින් හෝ හමුවේ. එයින් අප්ලෝඩ් වීම් ද සිදුවෙමින් තිබේ. ස්වාම් (swarm) කියා හඳුන්වන්නේ දහස් ගණනක් වන මේ පරිගණක රොත්තයි.
ස්වාම් එකට අයත් පරිගණක වල තමන් ඉල්ලා සිටි ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වී තිබෙන්නේ විවිධ ප්‍රතිශත වලිනි. එහෙත් ඒ සෑම පරිගණකයක්ම අන්‍යෙන්‍ය වශයෙන් අනෙක් පරිගණක වෙතද තමන් ලඟ ඇති පරිගණක කොටස් ලබා දෙයි. එනම් අප්ලෝඩ් කෙරේ.
බිට්ටොරන්ට් ප්‍රොටොකෝලයේ විශේෂත්වය මෙයයි. එනම් අපට අවශ්‍ය ෆයිල් එකේ විවිධ කොටස් ඇති තැන් සොයා, ඒ තැන් වලින් එම කොටස් ඩවුන්ලෝඩ් කොට සම්පූර්ණ ෆයිල් එක තනා දීමයි.මෙහිදී ඕනෑම විශාල ෆයිල් 64KB එකක් සිට4MB දක්වා ප්‍රමාණයේ කොටස් වලට කඩා ඩවුන්ලෝඩ් කෙරේ. මුලින්ම ඩවුන්ලෝඩ් කෙරෙන්නේ ෆයිල් එකෙහි විරල කොටස්ය. බහුල කොටස් අවසානයට තබා ගනී. මේ නිසා සම්පූර්ණ ඩවුන්ලෝඩ් වීමක් සහතික කෙරේ. ස්වාම් එකෙන් මෙසේ අවශ්‍ය කොටස් සොයා ඒවා එකලස් කොට දීමේ කටයුතු මෙහෙයවන්නේ ට්රැකර් පරිගණකයෙනි.
ටොරන්ට් ප්‍රොටකෝලය ක්‍රියාත්මක විමේදී යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කොට අවසන් වුවත්, බිට් ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් එකෙන් ඉවත් නොවී තවදුරටත් එයක්‍රියාත්මකව තැබුවහොත්, ඊළඟ ඩවුන්ලෝඩ් වීම වේගවත්ය. ඩවුන්ලෝඩ් වීම අවසන් වුවත් මෙසේ බිට්ටොරන්ට් වෙතින් ඉවත් නොවී සිටීම ලීචිං (leeching) කිරීම යන නමින් හඳුන්වයි. මෙසේ ඩවුන්ලෝඩ් කිරීම අවසන් වූ ෆයිල් සමඟ ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එක ක්‍රියාත්මකව තැබූ විට අපට කිසි අමතර වියදමක් යන්නේ නැත. එහෙත් ඒ වෙලාවේ අපගේ පරිගණකය සීඩ් එකක් බවට පත්වී වෙනත් අයට මේ ෆයිල්එක ඩවුන්ලෝඩ් කර ගැනීමට පහසුකම් සපයයි.
අප මෙසේ ත්‍යාගශීලීව සිටිම, ඉබේ සටහන් වීමේ ගුණාංගය බ්ට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා සතුය.ඒ ත්‍යාගශීලීකම අනුව අපගේ පරිහණකය ( අයි පී ඇඩ්රස් එක ) ශ්‍රේණිගත(rank)කෙරේ. මේ ශ්‍රේණිගත කිරිමට අනුව අප්ලෝඩ් කිරීම සහ ඩවුන්ලෝඩ් කිරීම අතර අනුපාතය( upload: download) 1.0 වූයේ නම් ඉතා හොඳය. එවිට ඊළඟ ඩවුන්ලෝඩ් විම ඉතා වේගයෙන් ඉටු කර දෙයි. මන්ද අපගේ ත්‍යාගශීලීත්වය ඉහළ නිසා ය.එනම් මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ දෙන තරමට ලැබෙන(tit- for- tat) සම්ප්‍රදායයි.
මෙසේ ඩවුන්ලෝඩ් වීමේ සහ අප්ලෝඩ් විමේ ක්‍රියාව කෙතරම් වේගයෙන් වේද යන්න ප්‍රස්තාරයකින් දැක ගැනීම සඳහා bit torrent වින්ඩෝ එක පහළින් ඇති speed නම් ටබ් එක සිලෙක්ට් කරන්න. මෙම ප්‍රස්තාරයේ ඩවුන්ලෝඩ් වීමට අදාළ සටහන කොළ පැහැයෙන් ද, අප්ලෝඩ් විමට අදාළ සටහන රතු පැහැයෙන් ද සටහන්ව ඇත.
ෆයිල් ඩවුන්ලෝඩ් වූ පසු බලා ගැනිම
යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වූ පසු එහි නම bit torrent වින්ඩෝ එක වම් පස ඇති කැටගරි ලිස්ට් එක තුළ ඇති downloading යන්න තුළ තව දුරටත් දැක ගැනීමට නොහැක. මෙහිදී අදාළ ෆයිල් එක පෙන්වන්නේ කැටගරි ලිස්ට් එක තුළ ඇති completed යන්න ක්ලික් කළ විටය. එවිට ඊට දකුණු පසින් අදාළ ෆයිල් එක දැක ගත හැක.
මෙහිදී එම ෆයිල් එක තවදුරටත් අප්ලෝඩ් වෙමින් තිබේ. එයට හේතුව ලොව කොතැනක හෝ සිටින අයෙකු මේ මොහොතේදි එම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරමින් සිටීමයි. මෙසේ අප්ලෝඩ් වෙමින් තිබීම ගැටලුවක් නොවේ. එයින් ඔබේ ඊළඟ ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් විම වේගවත් කරයි.
එහෙත් මෙම අප්ලෝඩ් වීම නතර කිරීමට අවශ්‍ය නම් bittorrent වින්ඩෝ එකේ ඉහලින් ඇති ටූල් බාර් එක තුළින් stop බට්න් එක ක්ලික් කරන්න.
ඩවුන්ලෝඩ් වී ඇති ෆෝල්ඩරයට පිවිසීම
ෆයිල් එක ඩවුන්ලෝඩ් වි ඇති ෆෝල්ඩරය වෙත පහසුවෙන් පිවිසිම සඳහා bit torrent වින්ඩෝ එක තුළින් එම ෆයිල් එකෙහි නම මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනු එකෙන් Open Containing Folder යන්න ක්ලික් කරන්න. එවිට එම ෆොල්ඩර් එක විවෘත වෙයි. එමෙන්ම ඩවුන්ලෝඩ් වී ඇති එම ෆයිල් එක සාමාන්‍ය වෙනත් ෆයිල් එකක් සේ භාවිතා කිරීමටද හැකියාව ලැබේ.
ටොරන්ට් ෆයිල් සමඟ වයිරස් පැතිරෙන්නට බැරිද යන්න වැඩිදෙනාට මතු වන ප්‍රශ්නයකි. යමෙකු විසින් තනා ඉන්ටනෙට් වෙත එක් කළ විට ටොරන්ට් ෆයිල් එකක් බිට්ටොරන්‍ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකක් හරහා ඩවුන්ලෝඩ් කරන අතරවාරයේ කිසි තැනකදි එයට අලුතෙන් වයිරස් එකතු වීමට ඉඩක් නොමැත. එනම් ටොරන්ට් ෆයිල් යනු වයිරස් පැතිරෙන මාධ්‍යයක් නොවේ.
එහෙත් ටොරන්ට් ෆයිල් එක බවට පත් මුල් ෆයිල් එකෙහි වයිරස් තිබුනොත්, එම දැන් ෆයිල් එක විවෘත කරන
පරිගණකයේ පැලපදියම් වේ. මේ කරදරයෙන් මිදෙන්නටද පහසු මඟක් තිබේ. ටොරන්ට් ෆයිල් එක විවෘත කරන්නට කලින් එය වයිරස්ගාඩ් මෘදුකාංගයකින් ස්කෑන් කිරිම ඒ උපක්‍රමයයි. එහි වයිරස් තිබුනේ නම් එවිට හසු වේ.
ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීම නිත්‍යානුකූලද කියා අසන අයද සිටී. කෙලින්ම කිව යුත්තේ බිට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා පාවිච්චි කිරීම නීතිවිරෝධි නැති බවයි. එහෙත් ඒ හරහා ඩවුන්ලෝඩ් කරන දේ නීති විරෝධිද නැද්ද යන්න තේරැම් කොට ගත යුත්තේ ඩවුන්ලෝඩ් කරන්නා විසිනි.
ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන විට පරිගණකයේ අයිපී ඇඩ්‍රස් එක හරහා අප ලෝකයාට එලිදරව් වි සිටි. ලොව පුරා පරිගණක දස දහස් ගණනකට අප නිරාවරණය වී සිටී. ඉදින් මේ ඔස්සේ ආපස්සට සොයා බැලුවොත් අප ඩවුන්ලෝඩ් කළ දේ මොනවාද කියා ඒ ගැන උනන්දු ඕනෑම කෙනෙකුට සොයා ගන්නට පුළුවනි.ඒ නිසා ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කිරිම යනු කාමරයක් තුළට වී කෙරෙන වැඩක් වැනි දෙයක් නොවේ. හරියට සෙනඟ පිරුණු වීදියක ඇවිද යන්යාක් වැනි වැඩකි. එනම් අප කරන්නේ ප්‍රසිද්ධ වැඩක් බව මතක තබා ගත යුතුය.