How to use Opera Web Browser


 ඔපෙරා (opera)

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර්, ගුගල්ක්රෝම්,  ෆයර්‍‍‍‍ෆොක්ස් යනාදී වෙබ් බ්‍රව්සර් සමඟ කරට කර සිටින තවත් ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක් වන්නේ ඔපෙරා (opera)  ය.ඔපෙරා හඳුන්වා දෙන්නේ ලොව වේගවත්ම බ්‍රව්සරය (The fasted browser on earth) ලෙසය. මෙය නොමිලේ දෙන වෙබ් බ්‍රව්සරයකි. ලිනක්ස්, වින්ඩෝස්, හා මැක්ස් ඕඑස් සමඟ වැඩ කරයි.අනෙක් බ්‍රව්සර්වලට වඩා ඔපෙරා සතු විශේෂත්ව ගණනාවකි.
            ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර්වලදී වෙන වෙනම ඕපන් වෙන වෙබ් පිටු සහා වෙන වෙනම එක් වින්ඩෝව බැින් ඕපන් වුවත් ඔපෙරා වලදී ඒවා එකම බ්‍රව්සර් වින්ඩෝව තුළ ටැබ් ‍වශයෙන් (tabbed browsing) ඕපන් වේ. එසේම ඩවුන්ලෝඩ් මැනේජර් එකක්ද ඔපෙරා සම තිබේ. ‍ඔපෙරා හරහා විවෘත වන වෙබ් පිටු එතැනදීම විශාල කොට (page zooming) බැලිය හැක. එසේම මවුස්පොයින්ටරය පහසුවෙන් එහාට මෙහාට හැසිරවිමේ (mouse gesturing) ගුණාංගයද තිබේ.
ඔපෙරා ඩවුන්ලෝඩ් කිරිම හා ඉන්ස්ටෝල් කිරීම
            www. opera. com වෙබ් අඩවියෙන් එපෙරා සෙටප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක. ඩවුන්ලෝඩ් වූ පසුව ඩෙස්ක්ටොප් එකට ලැබෙන setup ෆයිල් එක ධාවනය කරන්න. එවිට ලැබෙන වින්ඩෝව accept  කළ විට ලැබෙන වින්ඩෝවෙන් set opera as default browser සඳහා (√) ළකුණ යොදන්න. සෙටප් එකෙහි ඉදිරියට ගොස් අවසානයේ finish යන්න ලබා දෙන්න. එවිට ඔපෙරා වෙබ් බ්‍රව්සරය ඉන්ස්ටෝල් වනු ඇත. දැන් එය ඕපන්කර වැඩ කළ හැක.


හෝම් පේජ් සෙටිංස් සැකසිම
            බ්‍රව්සර් ඉන්ටර්ෆේස් එකෙහි ඉහළින් ඇති tools  මෙනුවෙන් preference තෝරා ලැබෙන වින්ඩෝවෙන් general තෝරන්න. home page කොටුව තුළට කැමති සර්ව් එන්ජිමක වෙබ් ලිපිනය ඇතුළු කරන්න. මෙවිට බ්‍රව්සරයේ ටූල් බොක්ස් එකෙන් home  බට්න් එක ක්ලික් කර  හෝ  යතුරැ පුවරැවේ Alt +  Home  යන යතුරු පුවරුවේ යන යතුරු එකවර තද කිරීමෙන් එම වෙබ් පිටුව වෙත පිවිසිය හැක. setup නම් කොම්බෝ බොක්ස් එකෙන්  ඔපෙරා ඕපන් වන විට පෙනිය යුතු වෙබ් පිටුව කුමක්දැයි තෝරා දිය හැක.
·          continue from last time සිලෙක්ට් කළ විට අවසන් වරට සිටි වෙබ් අඩවිය ලෝඩ් වී ඕපන් වේ.

·         start with home pageසිලෙක්ට් කළ විට හෝම් පේජ් එක ලෝඩ් වී ඕපන් වේ.

·         show start- up dialogසිලෙක්ට් කළ විට ,ඕපන් වන විටදී ස්ටාට් අප් ඩයලොග් එක මතු වේ. එවිට එතනින් ලෝඩ් කළ යුතු වෙබ් අඩවිය පිළිබඳ තීරණය ලබා දිය හැක.

·         start with speed dialසිලෙක්ට් කළ විට ස්පීඩ් ඩයල් නම් වි‍ශේෂිත වෙබ් පිටුවක් සමඟ ඕපන් වේ. එවිට ස්පිඩ් ඩයල් හරහා අවශ්‍ය වෙබ් පිටුවට පහසුවෙන් ගමන් කළ හැක.

·         continue with save settings මඟින් සේව් කරන ලද ආකාරයට ලෝඩ් කර ඕපන් කළ හැක.

ටැබ්ස් භාවිතා කිරීම
            ඔපෙරාහි ඇති දැකුම්කළු ටැබ් ක්‍රමයෙන් පහසුකම් රැසක් ලබා දී තිබේ.මෙම සෑම ටැබ් එකකින්ම‍ වෙන


වෙනමම වෙබ් බ්‍රව්සර් එකක් නියෝජනය වේ. වෙනත් බ්‍රව්සර් වලදී  විවිධ වෙබ් අඩවි සඳහා වෙනමම වින්ඩෝ ගණනාවක් විවෘත වන්නේ නම් ඔපෙරා හිදී ඒ වෙනුවට එක් වින්ඩෝවත් තුළම ටැබ්ස් සියල්ල විවෘත වේ. සෑම ටැබ් එකකම ඕපන් වී ඇති වෙබ් අඩවියේ නම හා අයිකන් එක දැක් වේ. ටැබ් එක මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන්  ලබා දී සියලුම ටැබ් එකවර වසා දැමිය හැක.
            අවසාන ටැබ් එකට ඉදිරියෙන් ඇති (+) ලකුණ සහිත ටැබ් එක මත ක්ලික් කිරීමෙන්, අවසාන ටැබ් එක ළඟට අලුතින් ටැබ් එකක් ඕපන් කර එක් කළ හැක. නැත්නම් ටැබ් එක මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් new tab  මත ක්ලික් කර අලුත් ටැබ් එකක් එකතු කළ හැක.
            මෙම ටැබ් එකක් මවුසයෙන් ඩ්රැග් කොට අවශ්‍ය ස්ථානයක ගෙන ඒමට හැකිය. අත්‍යවශ්‍ය වෙබ් අඩවියක් ඕපන් කොට ඇති විට, එය අඩංගු ටැබ් එක ලොක් කිරීමට පවා පුළුවන.මේ සඳහා ටැබ් එක මත රයිට් ක්ලික් කොට ලැබෙන මෙනුවෙන්lock tab තෝරන්න. එවිට එය වැරදීමකින් හෝ ඉවත් වීම වළකාලයි.close all යන විධානය දුන් විට  ලොක් කළ ටැබ් ඉතිරි වි අනෙක් ඒවා පමණක් ඉවත්ව යයි.
            ඕනෑම ටැබ් එකක් වෙත මවුසය ගෙන ගිය විට , එහි වෙබ් පිටුටව් කුඩා ප්‍රමාණයේ දර්ශනයක් මතු වේ.මේ නිසා ටැබ් අතරේ වෙබ් පිටුවක් සෙවිම සඳහා එකිනෙක ක්ලික් කර බැලීම අවශ්‍ය නොවේ.
            ටැබ් එකක් මත රයිට් ක්ලික් කිරිමෙන් ලැබෙන tab bar placement හරහා ටැබ් පිහිටන ආකාරය වෙනස් කළ හැක. මෙහිtop හෝbottom  මඟින් ටැබ් එකක් සරළව ඉහළ හෝ පහළ පිහිටුවිය හැක. වම හෝ දකුණ මඟින් ඒඒ වෙබ් පිටුව කුඩා ප්‍රමාණයේ දර්ශනයක්ද සහිතව වමට හෝ දකුණට වන සේ  ටැබ් පිහිටුවිය හැක. ඒ ඒ ටැබ් එකෙහි ඇති වෙබ් පිටුවේ දර්ශනය වන විශාලත්වය 100% ආදි වශයෙන් වෙන ‍වෙනම  සකස් කර ගත හැක. ඒ සඳහා සෑම ටැබ් එකකදිම ස්ටේටස් බාර් එකෙහි ඇතිzoom  නම් කොම්බෝ  බොක්ස් එක භාවිතා කළ හැක.
මූලික පෙනුම වෙනස් කිරීම
             මෙනුවෙන් වෙත යෑමෙන් වින්ඩෝව ලබා ගත හැක.මෙහි  ටැබ් එක යටතේ පළමු අවස්ථාවේදී ස්කින් දෙකක් දැක ගත හැක.  යනු ඩිෆෝල්ට් ස්කින් එකයි. මේ ඕනෑම ස්කින් එකක් සිලෙක්ට් කළ විට ක්ෂණිකව ඇප්ලයි වන අතර සුදුසු ස්කින් එක තෝරා  කිරීම හෝ එයට අකමැති නම්  කිරීම හෝ කළ හැක. මෙහි දකුණු පස ඇති  යන රේඩියෝ බට්න් එක ක්ලික් කළ විට , දැනට ඩවුන්ලෝඩ් කර ගැනීමට ඇති අලුත්ම ස්කින් පිළිබඳ තොරතුරු ලබා ගත හැක. ඒ ඒ ස්කින් එක යටතේ ඇති නම් බට්න් එකෙන් ස්කින් එක ඩවුන්ලෝඩ් කර කලින් කියූ ලිස්ට් එකට ඇතුළු කරයි. දැන් එය ද කලින් කියූ ක්‍රමයටම ඇප්ලයි කර ගත හැක.
ටැබ්ස් සේව් කිරීම
            ඔපෙරාවලදී ෆයිල් මෙනුවෙන්Session වෙත ගොස්Save this session මත ක්ලික් කළ විට එම අ‍වස්ථාවේදී තිබෙන වෙබ් පිටුව හා ටැබ්ස් ඒ අයුරින්මSession name එකක් යටතේ සේව් කළ හැක. දැන් ඕනෑම අවස්ථාවක ඔපෙරා තුළදී ෆයිල් මෙනුවෙන් Session වෙත ගොස් manage session  හරහා සේව් කරන ලද session එකක් නැවත ඕපන් කළ විට, අලුත් ඔපෙරා වින්ඩෝවක එම session එක විවෘත වී කලින් තිබු ආකාරයට ‍ටැබ්ස් හා වෙබ් පිටු සියල්ල ලෝඩ් වනු ඇත. මේ නිසා වැදගත් වෙබ් පිටු එක වරක් හමු වූ  සැනින් session එකකට සේව් කොට තබා අවශ්‍ය විට යළිත් ලෝඩ් කළ හැකි නිසා , ඉන්ටර්නෙට් තුළ නැවත නැවත සර්ච් කිරිමඅවශ්‍ය නොවේ.
නැවත ලබා ගැනීමට වෙබ් පිටු තෝරා තැබීම
            ඔපෙරාවල සියලුම ටැබ්ස්, ක්ලෝස් කළ විට අ‍වසානයට ඉතිරි වන්නේ ස්පීඩ් ඩයල් නම් වූ ටැබ් එකයි.මෙහි වෙබ් පිටු 9ක් සඳහා  කොටු 9ක් තිබේ.මෙම කොටු වලට අපට අ‍වශ්‍ය වෙබ් පිටු ලබා දිය හැකිය. අවශ්‍ය  වේලාවකදි අදාළ කොටුව මත ක්ලික් කොට එහි සඳහන් වෙබ් පිටුවට පිවිසීමේ හැකියාව ලැබේ.
            මෙම කොටුවකට වෙබ් පිටුවක් ලබා දිය හැකි ක්‍රම දෙකකි. එකක් නම් ඒ ඒ කොටුව මත රයිට් ක්ලික් කොට ලැබෙන මෙනුවෙන් edit  තෝරා වෙබ් ලිපිනය ලබා දිය යුතු ස්ථානයේ අදාල ලිපිනය ටයිප්  කිරීමයි. අලුත් ටැබ් එකක , අවශ්‍ය වෙබ් පිටුව ලෝඩ් කොට  එම ටැබ් එක මෙම කොටුවක් මතට ඩ්රැග් කිරිම අනෙක් ක්‍රමයයි. කොටුවක ඇති වෙබ් පිටුවක් ඉවත් කිරිමට අවශ්‍ය නම් කොටුවේ ඉහළ දකුණේ ඇති කතිර සළකුණ මත  ක්ලික් කිරීම හෝ  මවුසරයේ රයිට් ක්ලික් කොට clear  යන්න සිලෙක්ට් කිරිම හෝ කළ යුතුය.
ඩවුන්ලෝඩ් මැනේජර් ක්‍රියාත්මක කිරීම
            ඔපෙරා තුළ ඩවුන්ලෝඩ් මැනේජර්  පහසුකම් සහිත ඩවුන්ලෝඩ් වින‍්ඩෝවක් තිබේ. ඩවුන්ලෝඩ් කිරිමක් කළ විට එම ඩවුන්ලෝඩ් වින්ඩෝව අලුත් ටැබ් එකක් හරහා ස්වයංක්‍රීයව විවෘත වේ.
            යම් ලෙසකින් ඩවුන්ලෝඩ් වීම අතරමඟදී නතර වුවහොත් , නැවත මුල සිට ඩවුන්ලෝඩ් කිරීම අවශ්‍ය නැත. ඒ වෙනුවට ඩවුන්ලෝඩ් වින්ඩෝවේ අතරමඟදී නතරවුණු ‍ඩවුන්ලෝඩ් වීම සිලෙක්ට් කොට  කිරීම මඟින් කලින් ඩවුන්ලෝඩ් වු තැන සිට ඉදිරියට ඩවුන්ලෝඩ් වීමආරම්භ කළ හැක. එසේම එම ලිස්ට් එක මත ඩබල් ක්ලික් කිරීමෙන් ඩවුන්ලෝඩ් වු ෆයිල් එක ඕපන් කර ගන්නට පුළුවනි.
ඔපෙරා විජීට්
            ඔපෙරා තූළද නොයෙකුත් වැඩ පහසු කරන කුඩා වැඩසටහනක් හෙවත් විජිටි(widget) ද තිබේ. මේවා වෙන වෙනම ඩවුන්ලෝඩ් කළ යුතුය.ඔපෙරා වල විජිටි මෙනුවෙන් add widget තෝරන්න.එවිට opera widget වෙබ් පිටුව ලෝඩ් වේ. මෙහි වම් පස තිරුවෙන් categories  සඳහා අවශ්‍ය මාදිලිය සිලෙක්ට් කළ විට ඒ හා සම්බන්ධ විජිටි පිළිබඳ විස්තර දක්වයි.ඉන් අපට අවශ්‍ය උපාංග තෝරා ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කළ විට ඔපරා වල විජිටි මෙනුවට එම උපාංග ඇතුළත් වන පරිදි ලෝඩ් වේ. දැන් එම ලිස්ට් එකෙන් අවශ්‍ය විජිටි එක ධාවනය ක‍ළ හැක.
වෙනත් සෙටිංස් සැකසීම
 tools—› preferences—› advance හරහා යන්න . එවිට වම් පසට ලිස්ට් එකක් ලැබෙන අතර ඒ එක් එකක් සිලෙක්ට් කළ විට ඊට අදාළ සෙටිංස්  දකුණුපස කොටසේ දිස් වේ. මේ නිසා ‍වම් පසින් තේරු ආකාරයේ සෙටිංස් දකුණුපසින් පිහිටුවිය හැක. එම ලිස්ට් පහත දැක්වෙන සෙටිංස්  තෝරා දිය හැක
·          tabs -ඔපෙරාවල ටැබ්ස් ක්‍රියා කළ යුතු ආකාරය
·         browsing -වෙබ් පිටුවක් බ්‍රව්ස් කළ යුතු ආකාරය
·         notification- සවුන්ඩ්ස් හෝ මැසේජ් මඟින් ඒ ඒ අවස්ථා දක්වාලිය යුතු ආකාරය
·          content- වෙබ් පිටුවක අඩංගු java‚ animation ආදිය පිළිබඳව අනුගමනය කළ යුතු රීති
·          fonts -භාවිතා කළ යුතු ෆොන්ට්ස්
·         download- ඩවුන්ලෝඩ් කරන ෆයිල් රැස් වෙන ෆෝල්ඩරය
·          history- හිස්ට්‍රි එක තබා ගත යුතු ආකාරය
·          cookies  -කුකිස් භාවිතා කළ යුතු ආකාරය
·         security- මාස්ටර් පාස්වර්ඩ් එකක් යෙදිම හා භාවිතයට , ප්‍රොටොකෝල් භාවිතයට, විශ්වාසනීය වෙබ් අඩවි ලබා දිමට සහ ස්වයංක්‍රීය‍ව ඔපෙරා අප්ඩේට්ස් වන මොඩ් එක සැකසීමට
අනවශ්‍ය වෙබ් අඩවි බ්ලොක් කිරිම
 Tools —› Advance —›Block Content වෙත යන්න එවිට ලැබෙන Block Content  වින්ඩෝවේ ඇති ලිස්ට් එක තුළ අඩංගු වන වෙබ් ලිපින වෙතොත් ඔපෙරා වෙබ් බ්‍රවුසරය හරහා ඒවා වෙත පිවිසිය නොහැක.add  සහ Edit  බට්න් මඟින් අලුත් වෙබ් ලිපින එකතු කිරීම හෝ තිබෙන ලිපින වෙනස් කිරීම කළ හැක.  Delete බට්න් එක මඟින් ලිස්ට් එකෙන් ලිපින ඉවත් කළ හැක.‍