How to Install Windows 7


වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කරන හැටි
වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ඉන්ස්ටෝල් කරන්නට කලින් එය ඔබට උචිතද, නැද්ද යන්න ගැන තීරණය කිරීමේදී සැළකිය යුතු කරුණු ගණනාවකි.

  • ගැළපෙන වර්ෂන් එක තෝරා ගැනීම
වින්ඩෝ සෙවන්, සංස්කරණ තුනකට සීමා කර ඇත. ඒ Home Premium Professional සහ Ultimate වශයෙනි. 
  • කොම්පියුටරයේ ධාරිතාව
මයික්‍රොසොෆ්ට් සමාගමේ  Windows upgrade Advisor මඟින් පරිගණකය පරීක්ෂා කළ හැක. එය www.microsoft.com\ windows\windows-7\get \upgrade-advisor.aspx වෙබ් අඩවියේ තිබේ.එමඟින් කොම්පියුටරයේ හාඩ්වෙයාර් කන්ෆිගරේෂන් එක, එයට එක් කර ඇති විවිධ උපාංග වල හා ඉන්ස්ටෝල් කර ඇති ප්‍රෝගෑම්වල අනුකූළතාවය ආදිය වින්ඩෝස් සෙවන් සඳහා ගැළපෙන්නේද යන්න ගැන පිරික්සා බලයි.
එහිදී කිසියම් නොගැළපීමක් හමුවුවහොත් එය නිවරදි කර ගැනිමට අදාළ මඟ පෙන්වීම් ඉදිරිපත් කරයි. අප්ඩේට් කිරීමට කලින් තිබිය යුතු අවශ්‍යතා පිළිබදව දැනුවත් කරයි. සාමාන්‍යයෙන් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය පරිගණකයක ඉන්ස්ටෝල් කිරීමට පරිගණකයේ තිබිය යුතු මූලික අවශ්‍යතා මෙසේය.

                       # ප්‍රොසෙසරය - අවම ලෙස800MHz හෝ 1GHz32-bit(x 86)or 800MHz 64-bit(x64
        #  හාඩ් ඩිස්කයේ ධාරිතාව -   20GBවිය යුතු අතර එහි16GB ධාරිතාවක් හිස්ව තිබිය යුතුය.
         #  ග්‍රැෆික් කාඩ්- directX9\WDDM1.0
         #  ඩීවීඩී ඩ්‍රයිව් එකක් තිබිය යුතුය.
          # ඕඩියෝ අවුට්පුට් තිබිය යුතුය.
         #  පරිගණකය සතුව ඉන්ටනෙට් සම්බන්ධතාවය තිබිම.
පරිගණකයට විස්ටාවලදී මෙන්ම වින්ඩෝස් සෙවන්ද ඉන්ස්ටෝල් කළ හැකි අවස්ථා දෙකකි.
§  දැනට භාවිතා වන වින්ඩෝස් පද්ධතිය මත සිට වින්ඩෝස් ඉන්ස්ටෝල් කිරිම.
§  වින්ඩෝස් සෙවන් ඩීවීඩී එකෙන් පරිගණකය බූට් කොට ඉන්ස්ටෝල් කිරීම.

දැනට භාවිතා වන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත සිට වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කිරීම.
වින්ඩෝස් සෙවන් ඩීවීඩී එක ඩීවිඩී ඩ්‍රයිව් එකට ඇතුළු කරන්න.එවිට රූපයක් මතු වේ.  එය නොලැබුනේ නම් Windows Explorer තුළින්CD\DVD Drive එක විවෘත කර එහි ඇති Setup.exe නම් ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න.එවිට මෙම තිරය මතු වනු ඇත.මෙම වින්ඩෝව තුළින් වින්ඩෝස් සෙවන් ක්‍රියා කළ යුතු  භාෂාව, වේලාව, යතුරු පුවරු සම්මතය යනාදි ය තෝරා දිය හැක.මෙහි කිසිවක් වෙනස් නොකර වුවත් ඉදිරියට ඉන්ස්ටෝල් කරගෙන යා හැක.
දැන් වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කිරීම සඳහා පරිගණකය සුදුසු බව දන්නේ නම්Install Now යන්න මත ක්ලික් කරන්න. ඉන්පසු ලැබෙන තිරයෙන් පෙන්වනුයේ වින්ඩෝස් සෙවන්හි අලුත්ම සැකසීම හෙවත් අප්ඩේට්ස් ලබා ගැනීමට විමසන වින්ඩෝවයි.‍ මෙම අප්ඩේට්ස් ලබා ගැනීමට නම්, අන්තර්ජාල සබඳතාව පැවතිය යුතුය. එහෙත් මෙහි Do not get the Latest Update විධානය ලබා දුන් විට අප්ඩේට් නොවී ඉන්ස්ටෝල් විම ඉදිරියට සිදු වේ.
ඉන්පසු ලැබෙන වින්ඩෝවෙන් I accept the license terms මත ක්ලික්  Nextකර විධානය ලබා දෙන්න. දැන් මීළඟට ලැබෙන වින්ඩෝවෙන් වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් විය යුතු පාටිෂන් එක තෝරා දිය හැක. මෙම වින්ඩෝවෙන් තෝරා දුන්නේ දැනටමත් පරිගණකයේ තිබෙන වින්ඩෝස්  මෙහෙයුම් පද්ධතිය ඉන්‍ස්ටෝල් කොට ඇති පාටිෂන් එක නම් එවිට පැරණි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය අක්‍රීය කර ඒ වෙනුවට වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් වේ.ඒ නිසා පරිගණකයේ දැනට පවතින මෙහෙයුම් පද්ධතිය නැති පාට්ෂන් එකක් තෝරා දීමෙන් එයට කිසිදු හානියක් නොවී වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කළ හැක. දැන් වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් වීම ආරම්භ වේ.මෙම කටයුතු සිදුවන අවස්ථාවේදී පරිගණකය කීප වරක් රී ස්ටාට් වීම සිදු වේ.(මෙවිට මතුවන සියලුම වින්ඩෝවල රූප මෙහි දක්වා නැත.) එහිදී පරිගණකය ස්වයංක්‍රීයව හාඩ් ඩිස්කයෙන් බූට් වී ක්‍රියාත්මක වීමට ඉඩ තබා සිටිය යුතුය.
ඉන්පසු ලැබෙන වින්ඩෝවලින් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට ලොග් විමට අවශ්‍ය User name  සහPassword එකක් තෝරා දිය හැක.ඉන්පසුව ලැබෙන වින්ඩෝවෙන් ඔබ සතු වින්ඩෝස් සෙවන් සංස්කරණයට අදාළ රහස් අංකය(Product Key) ඇතුළු කළ යුතුය. එය වින්ඩෝස් සෙවන් ඩීවීඩී පැක් එකෙහි ඇති විස්තර පත්‍රිකාවේ සඳහන් කොට තිබේ. මීළඟට ලැබෙන වින්ඩෝවෙන් මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාවට කළ යුතු දේ මොනවාදැයි තෝරා දිය හැක. එහි Use recommended settings තේරීම හොඳය. වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කිරීමේදී ලැබෙන අවසාන වින්ඩෝව වනReview your time and date setting මඟින් දිනය, වේලාව හා වේලා කළාපය පිළිබඳ තොරතුරු ලබා දිය හැක. මෙය Next කළ විට වින්ඩෝස් සෙවන් ඩෙක්ස්ටොප් එක ලැබේ.
වින්ඩෝස් සෙවන් ඩීවීඩී එකෙන් පරිගණකය බූට් කොට වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කිරීම
පරිගණකයට මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමට කලින් කළ යුතු පළමු කාර්යය වන්නේ බයෝස් සෙටප්  (BIOS setup)තුළට ඇතුළු වී එහි සැකසුම සැකසිමයි.බයොස් වැඩසයහන තුළට ඇතුළු වීමට පරීගණකය ඔන් කළ සැනින් යතුරු පුව‍රුවේ ඇති ඒ සඳහා වෙන් වූ යතුරක් එබිය යුතුය.
එම යතුර පිළිබඳ විස්තර තිරයේ පහළින් දිස් වේ.මෙම යතුර බොහෝ පරිගණක සඳහා ‘Delete’ වන අතර එය මවුපුවරුවේ වර්ගය අනුව වෙනස් වේ.ඇතැම් විට මේ සඳහා  F1හෝF2 යන යතුරුද භාවිතා වේ. මෙහිදී ලැබෙන තිරයද මවුපුවරුවේ වර්ගය අනුව වෙනස් වේ.ඉදිරි කටයුතු කළ යුතු පිළිවෙළ පෙන්වන විධාන හා උපදෙස් එම තිරයේ පසෙකින් දක්වා ඇත.(මෙම වැඩසටහන තුළ දත්ත සකස් කළ යුතු ආකාරය මවුපුවරුව සමඟ ලැබෙන අත් පොතෙහි පැහැදිළිව විස්තර කෙරේ.) දැන් කළ යුත්තේ  පරිගණකයේ බූට් ඕඩර් සැකසීමය. බයොස් වැඩසටහන තුළ මුලින්ම ‘බූට් රෙකෝඩ්’  (boot records)සොයන ස්ථානය ලෙස‘CD Drive’ එක සකස් කළ යුතුය. ඒ සඳහාද විවිධ බයොස් වැඩසටහන් තුළ විවිධ විධාන සකසා ඇත.
           ඉන්පසු Save Settings Exit විධානය භාවිතයෙන් බයොස් වැඩසටහනෙන් ඉවත් විය යුතුය. එවිට තිරයේ Press any Key to boot from CD\DVD යනුවෙන් දිස්වන අතර පමා නොවී යතුරු පුව‍රුවේ යතුරක් එබීම මඟින් පරිගණකය වින්ඩෝස් සෙවන් ඩීවීඩී එක ආධාරයෙන් බූට් වේ. ඉන්පසු ස්වල්ප වේලාවක් පරිගණකය තුළ අදාළ ෆයිල්ස් කියවන්න. ඉන්පසුව ලැබෙන්නේ පෙර දැක්වු වින්ඩොවමයි. එහි ගුණාංග වෙනස් කිරීම අත්‍යවශ්‍ය නොවේ. කළ යුත්තේ  Next විධානය ලබා දි ඉදිරියට යාමයි. ඉන්පසු තිරය වෙත ලැබෙන්නේ වෙනත් වින්ඩෝවකි. එහෙත් දැන් එහි ඇත්තේ Install Now බොත්තම පමණි.එය මත ක්ලික් කර ඉදිරියට යා හැක.ඉන්පසුව මතු වන්නේ වෙනත් වින්ඩෝවකි.කළින් සඳහන් කළ ආකාරයට  මෙතැනදී  I accept the license terms යන්න සිලෙක්ට් කළ යුතුය.
එවිට තවත් වින්ඩෝවක් මතු‍ වේ. පරිගණකයේ පවතින මෙහෙයුම් පද්ධතිය සමඟ වින්ඩෝස් සෙවන් ද වෙනමම භාවිතා කළ හැකි පරිදි (dual boot) වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් වීම හෝ එසේ නැත්නම් පරිගණකයේ පැවතිය යුතු එකම මෙහෙයුම් පද්ධතිය විය යුත්තේ වින්ඩෝස් සෙවන් බවට විධාන ලබා දීම කළ යුත්තේ මෙතැනිනි.
මෙහිUpgrade යන්න තේරීමෙන් පවතින එකම මෙහෙයුම් පද්ධතිය බවට වින්ඩෝස් සෙවන් පත් වේ.  Custom (Advanced)  යන්න තෝරා දීමෙන් දැනට පවතින මෙහෙයුම් පද්ධතියට කිසිදු හානියක් නොමැතිව වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කළ හැක. එවිට පරිගණකය ක්‍රියාත්මක කළ වේලාවට කැමති මෙහෙයුම් පද්ධතියක් තෝරා ගෙන වැඩ කළ හැක.
ඊළඟට ලැබෙන වින්ඩෝවෙන් වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කළ හැකි ඩිස්ක් හා පාට්ෂන් පෙන්වයි.එසේම  අලුත් හාඩ්ඩිස්කයක් භාවිතා කරන්නේ නම් එය පාටිෂන් කිරීමටද ඉඩ ලබා දේ. භාවිතා කළ හාඩ් ඩිස්කය නම් පාට්ෂන් මකා දැමීමට හෝ පාට්ෂන් නැවත ඇ කිරීමට හෝ ඉඩ දෙයි. මෙතනින් පසු ලැබෙන්නේ මීට කලින් විස්තර කළ, දැනටමත් මෙහෙයුම්  පද්ධතියක් ඇති පරිගණකයකට වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කරන විට ලැබෙන වින්ඩොවමය. මෙම ක්‍රියාවළිය අතරතුර පරිගණකය කීපවරක් රීස්ටාට් වේ. අවසානයේ අපට වැඩ කළ හැකි වින්ඩෝස් සෙවන් ඩෙස්ක්ටොප් එක ලැබේ.