Characteristics of Data

දත්ත වල ස්වභාවය / ලක්ෂණ  Characteristics of Data

අවිධිමත් - බොහෝ විට දත්ත විධිමත් බවකින් තොරව පවතී, එනම් ඒවා රැස් කරන විටදී පිලිවෙලකින් තොරව වර්ග කර තිබිය හැක එසේම අසම්පූර්න ආකාරයට පැවතිය හැක. බොහෝවිට මෙය දත්ත එක් රැස් කරනු ලබන පුද්ගලයා මත තීරණය විය හැක.

උදාහරන - ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්ථ මේන්තුව විසින් නිවසකින් දත්ත ලබා ගැනීමේදී ඒවා වෙන වෙනම වර්ග කිරීමකින් තොරව ලබා ගන්නා අතර පසුව වයස් අනුව ජන ගහනය, ජාති අනුව ජනගහනය, ආගම් අනුව ජනගහනය ආදී ලෙස වර්ග කර විශ්ලේෂණාත්මක තොරතුරක් ලෙස ඉදිරිපත් කරනු ලබයි.

අර්ථ විරහිත - මෙමගින් අදහස් වන්නේ දත්ත තිබෙන ආකාරයෙන්ම භාවිතා කිරීම තුලින් කිසිව‍ෙකුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා බලපෑමක් සිදුකල නොහැකි බවයි. එනම් තම අරමුන කරා ලඟාවීම සඳහා දත්ත මගින් සිදුකරන බලපෑම ප්‍රමානවත් නොවන බවයි.

උදාහරන - උසස් පෙළ සිසුන්ගේ 80% පැමිණීම පිළිබඳ සොයාගැනීම සඳහා  පන්ති නාම ලේඛණයක පිටු වල ඇති 1 සහ 0 යන දත්ත දෙස බලා තීරනයකට එලබිය නොහැකි අතර ඒ සඳහා එම දත්තය ප්‍රමානවත් නොවෙයි

උදාහරන - වෙළඳ ආයතනයක දින කිහිපයක භාණ්ඩ විකිනීම් කරනු ලැබූ බිල්පත් දෙස බලා ව්‍යාපාරය ලාභ ද අලාභද යන්න තීරණය කල නොහැක.

අසංවිධිත - පවතින ආකාරයෙන් ප්‍රෙයෝජනයට ගත නොහැකි බව. එනම් දත්තයක් සැම විටම ප්‍රයෝජනයට ගැනීමට නම් තිබෙන ආකාරයෙන් වෙනත් ආකාරයකට පරිවර්ථනය කර ගත යුතුයි.
උදාහරන - වෙළඳ ආයතනයට භාණ්ඩ විකිනීම හා මිලදීගැනීම් පිළිබඳව දත්තයන් නිකුත් කරනු ලැබූ බිල් පොත් තුල මෙන්ම ආයතනය වෙතට ලැබූ බිල්පත් වල සඳහන්ව ඇත, මෙම දත්තයන් ප්‍රයෝජනයට ගැනීමට නම් ඒවා තොරතුරු බවට පරිවර්ථනය කර ගැනීමට අවශ්‍ය වන අතර එහිදී ඒවා වෙනත් ආකාරයට වාර්ථබවට පරිවර්ථනය කරගැනීමක් සිදු කරනු ලබයි.
උදාහරන - පන්තියක නාමලේඛණයේ සඳහන්ව ඇති පැමිණී‍මේ දත්ත එනම් 1 හා 0 ලෙසින් පවතින දත්ත තොරතුරු බවට පරිවර්ථනයේදී සංඛ්‍යා බවට පත් කරගනු ලබයි.

රුස්කර තබා ගැනීමට හැක - දත්ත ගබඩා කර තබා ගැනීමට ඇති හැකියාවය මෙමගින් අදහස් වෙයි. දත්ත කඩදාසි මාධ්‍ය ලෙසින් පොත් තුල මෙන්ම විධ්‍යුත් මාධ්‍ය ලෙසින් පරිගණක තුල හා වෙනත් විද්‍යුත් උපකරණ තුල ගබඩා කර තබා ගැනීමට හැකියාව පවතී.

සම්‍ප්‍රේෂණය කල හැකි බව - එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත යැවීමේ හැකියාව එනම් සන්නිවේදනය කිරීමට ඇති හැකියාවයි. දත්ත එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට,පුද්ගලයෙකු වෙත යැවීමේ හැකියාව පවතී.

දත්ත සැකසීමේ හැකියාව පවතී - සැකසීමේ හැකියාව ලෙසින් හැඳින්වෙන්නේ යම් ගණිතමය ක්‍රමවේදයක් හෝ වෙනත් ක්‍රම වේදයක් අනුගමනය කරමින් තේරුම් ගැනීමට හෝ තීරන ගැනීමට හැකි වන පරිදි සැකසීමයි.

උදා - සාමාන්‍ය අගය සෙවීම, එකතු කිරීම,ප්‍රථිසත සෙවීම.