Types of Data

දත්ත පැවතිය හැකි ආකාර

දත්ත විවිධාකාර වූ ක්‍රමවේද අනුව සැකසී තිබිය හැක සැම විටම දත්තයක් යනු හුදෙක් අකුරු හෝ ඉලක්කම් වලින් සමන්විත එ්කකයක් ලෙස සැලකීමට නොහැක. ඒවා බහු මාධ්‍ය ආකාරයෙන් පැවතිය හැක.  දත්ත පැවතිය හැකි ප්‍රධාන ආකාර 3ක් පවතී.

ලිඛිත සටහන් ලෙස

දත්ත අක්ෂර හෝ සංඛ්‍යා ආකාරයෙන් පවතී, බොහෝමයක් දත්ත මෙම ආකාරයෙන් පවතී, ලිවීමට හා කියවීමට හැකියාව පවතින ඕනෑම භාෂාවකට අයත් අක්ෂර හෝ සංඛ්‍යා මෙම ගනයට අයත් වෙයි.

ශ්‍රව්‍ය

පුද්ගලයෙක හට කනින් ඇසීමට හැකි ශබ්ද තරංග මෙම ගනයට අයත් වෙයි. පරිගනක මෙන්ම වෙනත් විද්‍යුත් උපකරන වලදී බහුලව භාවිතා කිරීමට හැකියාව පවතී. දත්ත මෙවැනි ශබ්ද තරංග ආකාරයෙන්ද පැවතිය හැක. මෙවැනි ශබ්ද තරංග ග්‍රහනය කරගැනීම සඳහා මයික්‍රෙළෆෝන භාවිතා කරනු ලබන අතර ප්‍රථිදානය සඳහා ස්පීකර භාවිතා කරනු ලබයි.
උදා - සංගීත ඛණ්ඩ, අධ්‍යාපන වැඩසටහන්,

දෘශ්‍ය

පුද්ගලයෙකු හට ඇසින් බලා අවබෝධ කරගත හැකි දෘශ්‍යමාන පින්තූර,වීඩියෝ වැනි දෑ මේවාට අයත් වෙයි. මෙවැනි දත්ත ආදාන කරගැනීම සඳහා කැමරා භාවිිතා කරනු ලබයි.
උදා- පින්තූර, වීඩියෝ,සලකුණු


දත්ත වර්ගීකරණය

දත්ත ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් අනුව වර්ග කල හැක.

ප්‍රමානාත්මක දත්ත

සංඛ්‍යාත්මකව ඉදිරිපත් කල හැකි දත්ත මෙම නමින් හැඳින් වෙයි. එනම් එකතු කිරීම්,අඩු කිරීම්,බෙදීම වැනි ගණිත කර්ම වලට භාජනය කල හැකි දත්ත මෙම ගනයට අයත් වෙයි.
උදාහරන - පුද්ගලයෙකුගේ වයස,උස, බර වැනි ප්‍රමානාත්මකව ප්‍රකාශ කල හැකි දෑ.

ගුණාත්මක දත්ත

ප්‍රමාණාත්මකව ඉදිරිපත් කල නොහැකි ගුණාත්මක දෑ මෙමගින් හැඳින්වෙයි.
උදාහරන - ඇපල් ගෙඩියක බර ප්‍රමානාත්මකව ඉදිරිපත් කලද එහි රසය පිළිබඳව ප්‍රමානාත්මකව ඉදිරිපත් කල නොහැක.