Value of Information

තොරතුරු වල අගය


දත්ත මෙන් නොව තොරතුරු සඳහා වටිනා කමක් ඇත. තොරතුරු මත පදනම්ව  පුද්ගලයන් මෙන්ම ආයතනද තීරණාත්මක තීන්දු හා තීරන වලට එලඹීමට හැක. එබැවින් තොරතුරු වලට පවතින අගය වැඩි විය හැක. මෙසේ තොරතුරක අගය වැඩිවීම කෙරෙහි බල පාන සාධක කිහිපයක් හඳුනා ගැනීමට හැක.

අදාල බව

තොරතුරු වල අදාල බව පුද්ගලයාගෙන් පුද්ගලයා හට වෙනස් වෙයි.එබැවින් සෑම කෙනෙක් හටම තොරතුරු වල එක හා සමාන වටිනා කමක් නොමැති වෙයි. යම් පුද්ගල කණ්ඩායමකට වැදගත් වන දේ තවත් පිරිසක් හට නොවැදගත් විය හැක. තොරතුරු වල අදාල බව වැඩිවන විටදී එහි වටිනා කම ඉහල අගයක් ගනී.

උදා - උසස් පෙළ පන්තියක 80 % පැමිණිම පාසලට අදාල දත්තයක් උවත් එය භාහිර පුද්ගලයන් හට වැදගත් නොවිය හැක.

කාලගුණ තොරතුරු වලට අනුව සුළගේ වේගය සුලං හමන දිශාව වැනි තොරතුරු ගුවන් නියමුවන් හා ධීවරයන් හට ඉතා වැදගත් උවත් සාමාන්‍ය පුද්ගලයෙක් හට එය විශාල ලෙස වැදගත් නොවිය හැක.

සම්පූරනත්වය

නිවැරදි තීරණයක් ගැනීම සඳහා සම්පූර්ණ තොරතුරක් පැවතීම ඉතා වැදගත් කාරණයකි. අසම්පූර්ණ තොරතුරු මත පදනම්ව ගනු ලබන තීරණ බොහෝවිට නිවැරදිම තීරණ නොවනු ඇත.

උදා - උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය 80% පැමිණීමේ ප්‍රථිසතය ගණනයේදී 12 වසර මත පමනක් පදනම්ව එය ගනනය කර ඉදිරිපත් කර ඇතිනම් එය අසම්පූර්ණ තෙරතුරක් ලෙස හඳුනා ගැනීමට හැක මන්ද යත් ඒ සඳහා 12 හා 13 යන වසර දෙකෙහිම පැමිණීම ලබා ගත යුතු බැවිනි.

නිවැරදි බව





තොරතුරු සැම විටම සත්‍ය හා නිවැරදි විය යුතුයි. දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී සිදුවිය හැකි වැරදි හෝ මග හැරීම් නිසා සමහර අවස්ථා වලදී තොරතුරු 100% නිවැරදි නොවිය හැක. තොරතුරු වල නිවැරදි බව ඉහල යන විටදී එහි වටිනා කම උපරිම අගයක් ගනී.

කාලානුරෑපී බව
යාවත්කාලීන වූ තොරතුරු සඳහා ඉතා ඉහල වටිනාකමක් පවතී. පැරණි තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම ඉතා අවදානම් සහගත විය හැක.

උදා- පරිගණකයක් මිලදී ගැනීමට යාමේදී වසර කිහිපයකට පෙර මිල ගනන් වැදගත් නොවන අතර ඒ සඳහා නවතම මිල ගනන් පිළිබඳව අවබොධයක් තිබීම වැදගත් වෙයි.








තේරුම් ගැනීමට හැකි බව / පැහැදිලි බව

තොරතුරක් බැලූ බැල්මට තේරුම් ගත හැකි පරිදි පැවතිය යුතුයි, බොහෝවිට තොරතුරු සංශිප්ත ආකාරයෙන් ඉදිරිපත් කිරීම තුලින් භාවිතා කරන පිරිස්  හට එය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වනු ඇත.

උදා - තොරතුරු ප්‍රථිසත, ප්‍රස්තාර, වගු, සාමාන්‍ය අගයන් ලෙසින් ඉදිරිපත් කරන විටදී ඒවා තේරුම් ගැනීම පහසු වෙයි.

විශ්වාසනීයත්වය
තොරතුරක් ලැබෙන මූලාශ්‍ර විස්වාසවන්ත විය යුතු බව මින් අදහස් වෙයි. විශ්වාස දායක මුලාශ මත පදනම්ව නිරමාණය කරන ලද තොරතුරු වටිනා කමින් යුක්ත වෙයි.

උදා - විදුහල්පති වරයකු හට පන්තියක සිසුවෙකුගෙන් පන්තියක දෛනික පැමිණීම පිළිබඳව ලබා ගන්නා තොරතුරකට වඩා පන්තිභාර ගුරුවරයකු මගින් ලබා ගන්නා තොරතුරු ඉතා විශ්වාස වන්ත වෙයි.

පරිශීලකයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ හැකියාව

විවිධ පුද්ගලයන් විවිධ අවශ්‍යතා මත තොරතුරු භාවිතා කරනු ලබයි, එබැවින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි තොරතුරු සැපයීම කල හැකි නම් එවැනි තොරතුරු ඉහල වටිනා කමක් හිමි වෙයි.

උදා - කාන්තා පුවත්පතක් බොහෝවිට පරිශීලනය සිදු කරනු ලබන්නේ කාන්තාවන් විසිනි, එවැනි පුවත්පතක් තුල අන්තර්ගත කර යුතු වන්නේ කාන්තාවන් වැඩි කමැත්තක් දක්වන ක්‍ෂ්ත්‍ර පිළිබඳ විස්තරයි. එසේ නොමැති වුවහොත් එවැනි පුවත්පත් කාන්තාවන් අතර එතරම් ජනප්‍රිය නොවිය හැක, ඒ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ නොවන බැවිනි.

පිරිවැයට වටිනාකමක් තිබීම
තොරතුරක් නිර්මාණය කරගැනීම සඳහා වැය වන වියදම ඉන් ලැබෙන ප්‍රෙයෝජන වලට සාපේක්ෂව ඉහල මට්ටමක පැවතිය යුතුයි. තොරතුරක් නිර්මාණය කිරීම සඳහා යන වියදම ආයතනයක් හට දැරීමට නොහැකි නම් එහි වටිනා කම අඩු මට්ටමක පවතී.

උදා - වර්ශයකට රු ලක්ෂ දෙකක් පමන ලාභ ලබන ආයතනයකට වර්ෂ අවසානයේ තම ලාභය ගනනය කරගැනීම සඳහා රු ලක්ෂයක පමන වියදමක් දරයි නම් එසේ නිර්මාණය කරගන්නා තොරතුරක් එම ආයතනයට එතරම් ඵලදායී නොවනු ඇත.

තොරතුරු වල ප්‍රෙයෝජන

තොරතුරු ආයතන වලට මෙන්ම පුද්ගනයන් හට වාසි රුසක් අත්කර දෙනු ලබයි. එසේ ලැබෙන වාසි අතරින් කිහිපයක් පහත දක්වා ඇත.

දෛනික වැඩ කටයුතු සඳහා

මිනිසුන්ගේ දෛනික රාජකාරී වැඩ කටයුතු හෝ පෞද්ගලික කටයුතු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා තොරතුරු විශාල වශයෙන් උපකාරී වෙයි. එසේම බොහෝමයක් ආයතන තම ආයතනික කාර්‍යන් සඳහා තොරතුරු පාදක කරගනී.

උදා - වෙළඳ ව්‍යාපාර ආයතනයක් තම ව්‍යාපාර වල දෛනික මෙහෙයුම් කටයුතු එනම් විකුනුම්,මිලදී ගැනීම්,වියදමි පාලනයකින් යුතුව සිදු කිරීම සඳහා පසුගිය මාස වල තොරතුරු භාවිතා කරනු ලබයි.
කාලගුණ තොරතුරු පදනම් කර ගනිමින් තම දෛනික රාජකාරී කටයුතු කළමණා කරණය කර ගැනීම.

දැනුම වර්ධනය උදෙසා

මින්සුන් හට තම දැනුම වර්ධනය කරගැනීමට තොරතුරු භාවිතා කල හැක. විශේෂ‍ෙයන්ම විවිධ විෂය ක්‍ෂ්ත්‍රයන් ට අයත් යාවත්කාලීන තොරතුරු භාවිතා කිරීම මගින් තොරතුරු මගින් එම විෂය පිළිබඳව තම දැනුම වර්ධනය කර ගත හැක.

සැලසුම් කරණයට

අනාගත සැලසුම් කරණ කටයුතු සඳහා ‍තොරුතුරු මහත් සේ උපකාර කරනු ලබයි. ඕනෑම කාර්‍යක් සිදු කිරීමට පෙර මනා සැලසුමක් තිබේනම් එවැනි කාර්‍යන් අසාර්ථක වීමට තිබෙන ඉඩකඩ බොහෝ සෙයින් අඩුය. තොරතුරක් මගින් කිසියම් මගපෙන්වීමක් සිදුකරන බැවින් සැලසුම් කරණ කාර්ය සඳහා එය ඉතා ප්‍රයෝජනවත් වෙයි.

උදා - ජනගහන තොරතුරු මත පදනම්ව අනාගත ආර්ථික සැලසුම් සම්පාදනය කිරිීම හා ජනතාවට අවශ්‍ය සම්පත් සපයා දීම.

අනාවැකි කීම සඳහා

අනාගතයේදී සිදුවිය හැකි දෑ පිළිබඳව වර්ථමානයේදී ප්‍රකාශ කිරීමට තොරතුරු භාවිතා කල හැක.
උදා - පසුගිය වර්ෂ 5 ක කාලයේ ලාභය දෙස බලා ව්‍යාපාර ආයතනයක මීලඟ වර්ෂයේ ලැබිය හැකි ලාභය පිළිබඳව ප්‍රකාශ කිරීම.

අරමුණු කරා ලඟාවීම සඳහා

යම් ආයතනයකට,පුද්ගලයෙකුට තම අරමුණු කරා ලඟාවීමට මෙන්ම කොතෙක් දුරට එම අරමුණු කරා ලඟාවී ඇතිද යන්න දැනගැනීම සඳහා තොරතුරු ප්‍රයෝජනවත් වෙයි.

උදා - ඉදිරි වර්ෂයේ තම ලාභය රු මිලියන 5 කින් වර්ධනය කරගැනීමට අරමුණු කරගත් ආයතනයක් හට තම අරමුණ පිළිබඳව දැනගැනීම සඳහා වර්ෂ අවසානයේ ලාභ අලාභ ගනනය කර ගැනීමට සිදුවෙයි.



දත්ත හා තොරතුරු සන්සන්දනය කිරීම

දත්ත

තොරතුරු

තීරණ ගැනීමට උපකාරී නොවෙයි
උපකාරී වෙයි
වටිනාකමින් අඩු වෙයි
වටිනා කමින් ඉහලයි
අර්ථ විරහිත වෙයි
අර්ථාන්විත වෙයි
අමුද්‍රව්‍යක් වෙයි
නිමයුමකි
අවිධිමත් වෙයි
විධිමත් ආකාරයකින් පවතී
තේරුම් ගැනීමට අපහසුයි
තේරුම් ගැනීම පහසුයි
සංකීර්ණ වෙයි
සරල බවින් යුතු වෙයි
සැකසීමට සිදුවෙයි
සැකසීමට භාජනය කර ඇත