තොරතුරු වල ගති ලක්ෂණ
දත්ත මෙන්ම තොරතුරුද විශේෂිත ගති ලක්ෂණ සමුහයකින් යුක්ත වෙයි. මෙම සුවිශේෂී ලක්ෂණ තොරතුරු වලට පමණක් ආවේණික ලක්ෂණ ලෙස හැඳින්විය හැක. පහත සඳහන්ව ඇත්තේ ඉන් කිහිපයකි
අර්ථවත් බව
තොරතුරක් සෑම විටම අර්ථවත් බවින් පිරී පවතී, තොරතුරු මගින් යම් පුද්ගලයෙක්,ක්‍රියාවලියක්,සිද්ධියක් හෝ ස්ථානයක් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් පවතී.
උදා - ළමයකුගේ විෂයක ලකුනු මගින් ඹහුගේ අධ්‍යාපන තත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත නොහැකි අතර සියලුම විෂයන් සඳහා ලබා ගත් සාමාන්‍ය ලකුණු මගින් ඹහුගේ අධ්‍යාපන තත්වය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැක.
පෙරදැනුම නවීකරණය කරයි
පුද්ගලයින් හට දැනුම වර්ධනය කරගැනීමට තොරතුරු මහත්සේ උපකාරී වෙයි. යාවත්කාලීන වූ තොරතුරු වලින් සන්නද්ධ පුද්ගලයාගේ දැනුම් මට්ටම සැම විටම ඉහල තත්වයක පවතී. කාලය සමග යල්පැන යන තම දැනුම වර්ධනය කරගැනීම සඳහා තොරතුරු මහත් පිටිවහලක් සපයයි.
උදා - මීට වර්ෂ 10 කට පෙර ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිඹඳව දැන සිටි තොරතුරු පුද්ගලයෙකු හට තම දැනුම වර්ධනය කර ගැනීම සඳහා නවතම ජන හා සංඛ්‍යාලේඛණ තොරතුරු භාවිතා කල හැක.
සන්නිවේදනය කිරීමට හැකි බව
එනම් තොරතුරු එක් ස්ථානයට සිට තවත් ස්ථානයක් කරා යැවීම සිදු කල හැකි බවයි. සන්නිවේදන මාධ්‍යක් භාවිතා කරමින් තොරතුරු සම්ප්‍රේශනය කිරීමේ හැකියාව පවතී.
උදා - ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්ථ මේන්තුව මගින් තමන් විසින් සකසන ලද තොරතුරු රජයට මෙන්ම මහජනතාව වෙත සන්නිවේදනය කරයි.
කාලීන මෙන්ම තීරණගැනීමට උපකාර කරයි.
තොරතුරු කාලීන වන අතර, කාලීන තොරතුරු වලට ඉහල වටිනා කමක් හිමි වෙයි. තොරතුරු වල වටිනාකම කාලය ගතවීමත් සමග ක්‍රමයෙන් අඩුව යයි. එසේම යම් ආතනයකට තොරතුරු මත පදනම්ව වැදගත් තීරණ ගැනීමේ හැකියාවක් පවතී.
උදා - අප කිසි විටක මාස කිහිපයක් පැරණි පුවත්පතක් කියවීමට කැමැත්තක් නොදක්වන අතර සැම විටම නවතම පුවත් පත් කියවීමට කැමැත්තක් දක්වයි, එපරිද්දෙන්ම තොරතුරුද යාවත්කාලීන වන තරමට ඒ සඳහා පවතින අගයද ඉහල මට්ටමක පවතී.
උදා - ව්‍යාපාර ආයතනයක් වර්ෂ අවසානයේ නිර්මාණය කරනු ලබන ලාභ අලාභ ගිනුම පදනම් කරගනිමින් තම ආයතනයට වැදගත් වන තීරණ ගැනීමට හැකියාවක් පවතී, විශේෂයෙන්ම දිගින් දිගටම අලාභ ලබයි නම් තවදුරටත් ව්‍යාපාරය කරගෙන යෑම හෝ නොයෑම පිළිබඳ තීරණය කල හැක.
තොරතුරු විශ්මය දනවන සුලුයි
පුද්ගලයන්ට හෝ ආයතන වලට තොරතුරු මගින් විවිධ කාරණා පිළිබඳව පැහැදිලි අවබෝධක් ලබා ගත හැකි බැවින් එය විශ්මය දනවන කාරණයක් වීය හැක.
උසස් පෙළ පන්තියක සිසුවෙකු හට පැමිණීමේ නාම ලේඛණයක තිබෙන දත්ත දෙස බැලීම සාමාන්‍ය දෙයක් උවත් ඔහුගේ පැමිණිමේ ප්‍රතිසථය 75% ලෙස ඇසීමට ලැබුන හොත් එය ඉතා විශ්මය දනවන කාරණයක් විය හැක.
සරල හා පැහැදිලි බව
තොරතුරු සැම විටම සංකීරණ බවින් අඩු අතර තේරුම් ගැනීමට හැකි තත්වයෙන් පවතී.