ට්විටර් (Twitter)
Twitter
යනු නොමිලේ ලබා
දෙන ඉතා සිත් ඇදගන්නාසුලු වෙබ් සේවාවකි. මෙය ෆේස් බුක් වෙබ් අඩවිය සේ නෑදෑ හිත
මිතුරන් සමඟ නිතර සම්බන්ධකම් පවත්වා ගැනීමට උදව් වෙන මිතුරු හවුල් වෙබ් සේවයකි. අනෙක් අතට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි බ්ලොග් වර්ගයේ වෙබ්
සේවාවකි.
ට්විටර් ගිණුවක් ආරම්භ කිරීම
ඉන්ටර්නෙට් හරහා www.twitter.com
යන වෙබ් ලිපිනය
හරහා ගිය විට ලැබෙන ට්විටර් වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති Join Today යන බොත්තම මත ක්ලික් කරන්න.
එවිට ටවිටර් ගිණුමට තමන්ගේ විස්තර ලබා දීමට ෆෝම් එකක්
මතු වේ. මෙහිදී දැනට
පාවිච්චි කරන ඉමේල් ලිපිනයක් ලබා දිය යුතුය. ට්විටර් ගිණුම
තහවුරු කිරීම (confirm) සහ ට්විටර් සමඟ කරන සියළු ගනුදෙනු කෙරෙන්නේ මෙම
ඉ-මේල් ලිපිනය පාදක කොට ගෙනය.
මෙහි Username ලෙස ලබා දිය
යුත්තේ තමා ට්විටර් ගිණුමේදී භාවිතා කිරීමට කැමති නමයි. මෙය මතක තබා
ගැනීමට පහසු කෙටි එකක් වීම හොඳ යැයි කියන්නේ එවිට එය තමන්ගේ හිත මිතුරන්ට මතක තබා
ගැනීමට පහසු බැවිනි. එමෙන්ම මෙතැනදී යෝජනා කරන නම යටතේ දැනටමත් ට්විටර්
ගිණුමක් තිබේ නම් දැන් එම නම ලබා ගත නොහැක. එවිට තමාගේ නමෙහි
මුල් අකුරු, උපන් දිනය යනාදි මතක තබා ගැනීමට පහසු අමතර අකුරු එක් කර ගෙන
අලුත් යූසර් නේම් එකක් සකස් කර ගත හැකි නම් (√) ලකුණ සමඟ ok යන්න දිස් වේ.දැන් අවසාන වශයෙන් create my account යන බට්න් එක ක්ලික් කළ යුතුය.
එම කටයුතු නිසි පරිදි කළේ නම් ඊළඟට මතු වන්නේ, මෙම ගිණුම ඉල්ලා සිටිනු ලබන්නේ පරිගණක වැඩසටහන්
විසින් නොව සැබෑ ලෙස ජීවත් වන පුද්ගලයකු
විසින් බව තහවුරු කර ගැනීමට වෙබ් අඩවි වලදී
ලබා දෙන කැප්චා කේතයක් ලිවීමේ පිටුවයි.එය සම්පූර්ණ කොට Finish බොත්තම ක්ලික් කළ යුතුය. නිවරදි කැප්චා අකුරු හඳුනාගෙන එය ලියූවේ නම් එසැනින්
ට්විටර් ගිණුම සකස් වේ.
ට්විටර් ගිණුමේ සෙටිංස් සැකසීම
මීළඟට කළ යුත්තේ තම ගිණුම හරහා මිතුරන් සමඟ සම්බන්ධ විය
හැකි මාර්ගය සාදා දීමයි. එය නිසියාකාරව නොකළොත් තමාගේ ට්විට්ස් වෙනත් අයට
නොලැබෙන් අතර ඒ අයගේ ට්විට්ස් තමාටද නොලැබේ. මෙම සම්බන්ධතා
සාදා ගැනිම සඳහා විශේෂ විසාඩ් (Wizard) එකක් ට්‍වටර්
වෙබ් අඩවියෙන් ලබා දෙයි. එය ප්‍රධාන පියවර තුනකින් යුක්තය.
- · suggestions - අලුත් ප්‍රවෘත්ති සහ වෙනත් තොරතුරු දැන ගැනීමට කැමැත්ත කලා, ක්‍රීඩා, ව්‍යාපාරික යනාදී කුමන මාතෘකා ඔස්සේද යන්න මෙහිදී තෝරා දිය හැක. දැනටමත් ට්විටර් ගිණුම් ඇති සහ මෙම මාතෘකා ඔස්සේ තොරතුරු හුවමාරු කර ගන්නා අයගේ නම් ලැයිස්තුවක් එවිට මතු වේ. එතැනින් තමා කැමති අය ෆලෝවර්ස් ලෙස තෝරා ගත හැක. දැන් තමාගේ ට්විටර් වෙබ් පිටුවේ පණිවුඩ වශයෙන් දිස්වෙන්නේ මෙසේ තෝරාගත් අය විසින් හුවමාරු කර ගනු ලබන ට්විට්ස්ය.
- · friends - ට්විටර් ගිණුම ආරම්භ කිරීමට ලබා දුන් ඉ- මෙල් ලිපිනයෙන් කියවෙන තමාගේ ඉ- මෙල් ගිණුමට නිතර සම්බන්ධ වී සිටින මිතුරන්ද ට්විටර් ගිණුමට එක් කර ගත හැක.මෙම පියවර මඟින් ඒ සඳහා ඉඩ දෙයි.
- · enyone - කැමති අයගේ නම යොදා ගෙන යම් විෂයක් හෝ වෙනත් මාතෘකාවක් ඔස්සේ ට්විට්ස් සපයන්නන් තෝරා ගත හැක. මෙම පියවර සියල්ල සම්පූර්ණ කළ විට තමාගේ ට්විටර් ගිණුම නිර්මාණය වී අවසන් වේ.දැන් තිබෙන්නේ එය භාවිතා කරමින් ප්‍රයෝජන ගැනීමයි.
ට්විටර් ගිණුම භාවිතා කිරීම
ඉන්ටනෙට් සම්බන්ධය ඇති පරිගණකයක් හෝ ස්මාට් ෆෝන් එකක්
හරහා දැන් තමාගේ ට්විටර් ගිණුමට ඇතුළු විය හැක.
ඒ සඳහා ට්විටර් වෙබ් අඩවියේ ලිපිනයට පසු, තමාගේ ට්විටර් ගිණුමේ යූසර් නේම්
එක යෙදු විට තැනෙන වෙබ් ලිපිනය වෙබ් බ්‍රව්සරයේ දි යොදා ගත යුතුය. එහි පොදු ආකෘතිය
වනනේ www.twitter.com\ yourusername ය.
මෙහි ආදර්ශයක් වශයෙන් පෙන්වා ඇති ට්විටර් ගිණුමේ ඇති යූසර් නේම් එක
jeewantha2010 ය. එ නිසා එම ට්විටර් ගිණුමට පිවිසිමට ලබා දිය
යුත්තේ www.twitter.com\ jeewantha2010 යන වෙබ් ලිපිනයයි.
මෙසේ ට්විටර් ගිණුමේ මුල් පිටුව ලබා ගත් විට එයට ලොග්
වීම සඳහා එහි ඉහළ දකුණු කෙළවරේ ඇති sing in බොත්තම ක්ලික් කළ යුතුය. එවිට යූසර්නේම් එක සහ පාස්වර්ඩ් එක ඇතුළු
කිරීමට ටෙක්ස් බොක්ස් ලබා දෙයි.එහි යූසර්නේම් එක ලෙස ලිවිය යුත්තේ ට්විටර් ගිණුම
ආරම්භයේදී ඒ වෙත ලබාදුන් නමයි. පාස්‍වර්ඩ් එක වන්නේද ට්විටර් ගිණුමේ පාස්වර්ඩ්
එකයි. දැන් මෙම තොරතුරු වලින් ටෙක්ස්ට් බොක්ස් නිවරදිව පිරවූ විට ටිවිටර් ගිණුමට
පිවිසිය හැක. මුලින්ම මතු වෙන්නේ මෙම ගිණුමේ සිට ට්විට්ස් ලිවීමට ඉඩ ලබා දෙන
ටෙක්ස්ට් බොක්ස් එකයි. එහි ඉංග්‍රීසියෙන් පණිවිඩ ලිවිය යුතුය.එය අකුරු 140 කින්
සීමා වන බව දනිමු. පණිවිඩය ලියාගෙන යන විට අකුරු 140 න් දැනටමත් ඉතිරිව ඇති අකුරු
ගණන දකුණු ඉහළ කෙළවරේ පෙන්වයි. අවසානයේ ටෙක්ස්ට් බොක්ස් එකෙහි පහළින් ඇතිTweet බට්න් එක ක්ලික් කළ යුතුය.එවිට අලුත් වෙබ් පිටුවක් විවෘත වී එම ට්විට්
එක පෙන්වයි.
තමාගේ ජායාරූපය සමඟ නොයෙක් පෞද්ගලික තොරතුරු ට්විටර් වෙබ්
අඩවිය හරහා ප්‍රසිද්ධ කළ හැක. ඒ සඳහා ගිණුමට ලොග් වී එහි දකුණු ඉහළ කෙළරේ ඇති
ට්විටර් මෙනු බාර් එකෙන්settings බට්න් එක ක්ලික් කරන්න. ලැබෙන
පිටුවේ වම් ඉහළ කෙළවරේ ඇති සබ් මෙනු බාර්
එකෙන්profile බට්න් එක ක්ලික් කරන්න. එවිට තමාගේ විස්තර
ලබා දීමට ඩයලොග් බොක්ස් එකක් මත් වේ. එතුළ තොරතුරු ලියා ඒවා සේව් කළ හැක.
ට්විටර් වෙබ් අඩවියේදී
මයික්‍රො බ්ලොග් ලිවීම
මෙහිදි බ්ලොගින් කටයුතු හෙවත් තමන්ගේ අදහස් ලිවීය යුත්තේ
වරකට අකුරු 140 කිනි. එනම් ඉතා කෙටි පණිවිඩයකි. ඒ නිසා මේ ක්‍රමය
හඳුන්වන්නේ මයික්‍රොබ්ලොගිං (Microblogging) ක්‍රමයට ලියන පණිවිඩයක් මෙහිදී හඳුන්වන්නේ
ට්විට්ස්(tweets) යනුවෙනි. මෙමඅත්පොතෙන් විස්තර කර තිබෙන ආකාරයෙන් නොමිලේ ට්විටර්
ගිණුමක් (Twitter account) සාදාගෙන එය පවත්වාගෙන යන අයෙකුට ට්විටර් වෙබ්
අඩවි ඔස්සේ ට්වීට්ස් යවන්නටත්, තම මිතුරු ම්තුරියන්ගෙන් ට්විට්ස් ලබා ගන්නටත් පුළුවනි. දැන් තිබෙන ස්මාට් ෆෝන් වර්ගයේ ජංගම දුරකථන බොහොමයක් සඳහා
ට්විටර් වෙබ්අඩවියෙන් නොයෙක් පහසුකම් ලබා දෙයි.ඒ අනුව එම දුරකථන
හරහා ද ට්විටර් වෙබ් අඩවිය වෙත පිවිස මයික්‍රොබ්ලොගිං ලියන්නටත් ට්විටර්
කියවන්නටත් හැකියාව ලබා දී තිබේ. මේ ක්‍රමයට අද ලොව පුරා මිලියන සීයක් හෙවත් කෝට් දහයක
පිරිසක් ට්විටර් හරහා සබඳතා ගොඩනගාගෙන සිටිති.
ට්විටර් වශයෙන් යවන්නේ පණිවිඩයකි. එය සාමාන්‍ය ප්‍රවෘතියක්, සිඳුවිම් දන්වා
යැවිමක් , අදහස් හෝ පෞද්ගලික
පණිවිඩයක් වුවත් වෙන්නට පුළුවනි. දැන් බොහෝ පුවත් ආයතන, රූපවාහිණි සහ
ගුවන් විදුලි සේවා සහ විවිධ ජන මාධ්‍ය සිය වෙබ් අඩවි, කෙලින්ම සිය වෙබ්
අඩවි සමඟ සම්බන්ධ කොට තිබේ. ඒ නිසා ඒවායින් ලබා දෙන මහජනයා දැනගත යුතු ප්‍රවෘත්ති සහ විනොදාස්වාද පුවත් ඉබේම වාගේ ට්විටර් වෙබ්
පිටු වෙත එයි.කුමන හෝ ට්විටර් එකක් ගිණුමක් හරහා ප්‍රසිද්ධ කළ පසු එය
කියවන අය හඳුන්වන්නේ ‘ෆලෝවර්ස්’ (followers) කියාය.