Value of Information
pariganaka sangarawa
Free hardware software lesson ,
Value of Information
තොරතුරු වල අගය
දත්ත මෙන් නොව තොරතුරු සඳහා වටිනා කමක් ඇත. තොරතුරු මත පදනම්ව පුද්ගලයන් මෙන්ම ආයතනද තීරණාත්මක තීන්දු හා තීරන වලට එලඹීමට හැක. එබැවින් තොරතුරු වලට පවතින අගය වැඩි විය හැක. මෙසේ තොරතුරක අගය වැඩිවීම කෙරෙහි බල පාන සාධක කිහිපයක් හඳුනා ගැනීමට හැක.
අදාල බව
තොරතුරු වල අදාල බව පුද්ගලයාගෙන් පුද්ගලයා හට වෙනස් වෙයි.එබැවින් සෑම කෙනෙක් හටම තොරතුරු වල එක හා සමාන වටිනා කමක් නොමැති වෙයි. යම් පුද්ගල කණ්ඩායමකට වැදගත් වන දේ තවත් පිරිසක් හට නොවැදගත් විය හැක. තොරතුරු වල අදාල බව වැඩිවන විටදී එහි වටිනා කම ඉහල අගයක් ගනී.
උදා - උසස් පෙළ පන්තියක 80 % පැමිණිම පාසලට අදාල දත්තයක් උවත් එය භාහිර පුද්ගලයන් හට වැදගත් නොවිය හැක.
කාලගුණ තොරතුරු වලට අනුව සුළගේ වේගය සුලං හමන දිශාව වැනි තොරතුරු ගුවන් නියමුවන් හා ධීවරයන් හට ඉතා වැදගත් උවත් සාමාන්‍ය පුද්ගලයෙක් හට එය විශාල ලෙස වැදගත් නොවිය හැක.
සම්පූරනත්වය
නිවැරදි තීරණයක් ගැනීම සඳහා සම්පූර්ණ තොරතුරක් පැවතීම ඉතා වැදගත් කාරණයකි. අසම්පූර්ණ තොරතුරු මත පදනම්ව ගනු ලබන තීරණ බොහෝවිට නිවැරදිම තීරණ නොවනු ඇත.
උදා - උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය 80% පැමිණීමේ ප්‍රථිසතය ගණනයේදී 12 වසර මත පමනක් පදනම්ව එය ගනනය කර ඉදිරිපත් කර ඇතිනම් එය අසම්පූර්ණ තෙරතුරක් ලෙස හඳුනා ගැනීමට හැක මන්ද යත් ඒ සඳහා 12 හා 13 යන වසර දෙකෙහිම පැමිණීම ලබා ගත යුතු බැවිනි.
නිවැරදි බව
තොරතුරු සැම විටම සත්‍ය හා නිවැරදි විය යුතුයි. දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී සිදුවිය හැකි වැරදි හෝ මග හැරීම් නිසා සමහර අවස්ථා වලදී තොරතුරු 100% නිවැරදි නොවිය හැක. තොරතුරු වල නිවැරදි බව ඉහල යන විටදී එහි වටිනා කම උපරිම අගයක් ගනී.
කාලානුරෑපී බව
යාවත්කාලීන වූ තොරතුරු සඳහා ඉතා ඉහල වටිනාකමක් පවතී. පැරණි තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම ඉතා අවදානම් සහගත විය හැක.
උදා- පරිගණකයක් මිලදී ගැනීමට යාමේදී වසර කිහිපයකට පෙර මිල ගනන් වැදගත් නොවන අතර ඒ සඳහා නවතම මිල ගනන් පිළිබඳව අවබොධයක් තිබීම වැදගත් වෙයි.
තේරුම් ගැනීමට හැකි බව / පැහැදිලි බව
තොරතුරක් බැලූ බැල්මට තේරුම් ගත හැකි පරිදි පැවතිය යුතුයි, බොහෝවිට තොරතුරු සංශිප්ත ආකාරයෙන් ඉදිරිපත් කිරීම තුලින් භාවිතා කරන පිරිස් හට එය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වනු ඇත.
උදා - තොරතුරු ප්‍රථිසත, ප්‍රස්තාර, වගු, සාමාන්‍ය අගයන් ලෙසින් ඉදිරිපත් කරන විටදී ඒවා තේරුම් ගැනීම පහසු වෙයි.
විශ්වාසනීයත්වය
තොරතුරක් ලැබෙන මූලාශ්‍ර විස්වාසවන්ත විය යුතු බව මින් අදහස් වෙයි. විශ්වාස දායක මුලාශ මත පදනම්ව නිරමාණය කරන ලද තොරතුරු වටිනා කමින් යුක්ත වෙයි.
උදා - විදුහල්පති වරයකු හට පන්තියක සිසුවෙකුගෙන් පන්තියක දෛනික පැමිණීම පිළිබඳව ලබා ගන්නා තොරතුරකට වඩා පන්තිභාර ගුරුවරයකු මගින් ලබා ගන්නා තොරතුරු ඉතා විශ්වාස වන්ත වෙයි.
පරිශීලකයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ හැකියාව
විවිධ පුද්ගලයන් විවිධ අවශ්‍යතා මත තොරතුරු භාවිතා කරනු ලබයි, එබැවින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි තොරතුරු සැපයීම කල හැකි නම් එවැනි තොරතුරු ඉහල වටිනා කමක් හිමි වෙයි.
උදා - කාන්තා පුවත්පතක් බොහෝවිට පරිශීලනය සිදු කරනු ලබන්නේ කාන්තාවන් විසිනි, එවැනි පුවත්පතක් තුල අන්තර්ගත කර යුතු වන්නේ කාන්තාවන් වැඩි කමැත්තක් දක්වන ක්‍ෂ්ත්‍ර පිළිබඳ විස්තරයි. එසේ නොමැති වුවහොත් එවැනි පුවත්පත් කාන්තාවන් අතර එතරම් ජනප්‍රිය නොවිය හැක, ඒ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ නොවන බැවිනි.
පිරිවැයට වටිනාකමක් තිබීම
තොරතුරක් නිර්මාණය කරගැනීම සඳහා වැය වන වියදම ඉන් ලැබෙන ප්‍රෙයෝජන වලට සාපේක්ෂව ඉහල මට්ටමක පැවතිය යුතුයි. තොරතුරක් නිර්මාණය කිරීම සඳහා යන වියදම ආයතනයක් හට දැරීමට නොහැකි නම් එහි වටිනා කම අඩු මට්ටමක පවතී.
උදා - වර්ශයකට රු ලක්ෂ දෙකක් පමන ලාභ ලබන ආයතනයකට වර්ෂ අවසානයේ තම ලාභය ගනනය කරගැනීම සඳහා රු ලක්ෂයක පමන වියදමක් දරයි නම් එසේ නිර්මාණය කරගන්නා තොරතුරක් එම ආයතනයට එතරම් ඵලදායී නොවනු ඇත.
තොරතුරු වල ප්‍රෙයෝජන
තොරතුරු ආයතන වලට මෙන්ම පුද්ගනයන් හට වාසි රුසක් අත්කර දෙනු ලබයි. එසේ ලැබෙන වාසි අතරින් කිහිපයක් පහත දක්වා ඇත.
දෛනික වැඩ කටයුතු සඳහා
මිනිසුන්ගේ දෛනික රාජකාරී වැඩ කටයුතු හෝ පෞද්ගලික කටයුතු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා තොරතුරු විශාල වශයෙන් උපකාරී වෙයි. එසේම බොහෝමයක් ආයතන තම ආයතනික කාර්‍යන් සඳහා තොරතුරු පාදක කරගනී.
උදා - වෙළඳ ව්‍යාපාර ආයතනයක් තම ව්‍යාපාර වල දෛනික මෙහෙයුම් කටයුතු එනම් විකුනුම්,මිලදී ගැනීම්,වියදමි පාලනයකින් යුතුව සිදු කිරීම සඳහා පසුගිය මාස වල තොරතුරු භාවිතා කරනු ලබයි.
කාලගුණ තොරතුරු පදනම් කර ගනිමින් තම දෛනික රාජකාරී කටයුතු කළමණා කරණය කර ගැනීම.
දැනුම වර්ධනය උදෙසා
මින්සුන් හට තම දැනුම වර්ධනය කරගැනීමට තොරතුරු භාවිතා කල හැක. විශේෂෙයන්ම විවිධ විෂය ක්‍ෂ්ත්‍රයන් ට අයත් යාවත්කාලීන තොරතුරු භාවිතා කිරීම මගින් තොරතුරු මගින් එම විෂය පිළිබඳව තම දැනුම වර්ධනය කර ගත හැක.
සැලසුම් කරණයට
අනාගත සැලසුම් කරණ කටයුතු සඳහා තොරුතුරු මහත් සේ උපකාර කරනු ලබයි. ඕනෑම කාර්‍යක් සිදු කිරීමට පෙර මනා සැලසුමක් තිබේනම් එවැනි කාර්‍යන් අසාර්ථක වීමට තිබෙන ඉඩකඩ බොහෝ සෙයින් අඩුය. තොරතුරක් මගින් කිසියම් මගපෙන්වීමක් සිදුකරන බැවින් සැලසුම් කරණ කාර්ය සඳහා එය ඉතා ප්‍රයෝජනවත් වෙයි.
උදා - ජනගහන තොරතුරු මත පදනම්ව අනාගත ආර්ථික සැලසුම් සම්පාදනය කිරිීම හා ජනතාවට අවශ්‍ය සම්පත් සපයා දීම.
අනාවැකි කීම සඳහා
අනාගතයේදී සිදුවිය හැකි දෑ පිළිබඳව වර්ථමානයේදී ප්‍රකාශ කිරීමට තොරතුරු භාවිතා කල හැක.
උදා - පසුගිය වර්ෂ 5 ක කාලයේ ලාභය දෙස බලා ව්‍යාපාර ආයතනයක මීලඟ වර්ෂයේ ලැබිය හැකි ලාභය පිළිබඳව ප්‍රකාශ කිරීම.
අරමුණු කරා ලඟාවීම සඳහා
යම් ආයතනයකට,පුද්ගලයෙකුට තම අරමුණු කරා ලඟාවීමට මෙන්ම කොතෙක් දුරට එම අරමුණු කරා ලඟාවී ඇතිද යන්න දැනගැනීම සඳහා තොරතුරු ප්‍රයෝජනවත් වෙයි.
උදා - ඉදිරි වර්ෂයේ තම ලාභය රු මිලියන 5 කින් වර්ධනය කරගැනීමට අරමුණු කරගත් ආයතනයක් හට තම අරමුණ පිළිබඳව දැනගැනීම සඳහා වර්ෂ අවසානයේ ලාභ අලාභ ගනනය කර ගැනීමට සිදුවෙයි.
දත්ත හා තොරතුරු සන්සන්දනය කිරීම
දත්ත | තොරතුරු |
තීරණ ගැනීමට උපකාරී නොවෙයි | උපකාරී වෙයි |
වටිනාකමින් අඩු වෙයි | වටිනා කමින් ඉහලයි |
අර්ථ විරහිත වෙයි | අර්ථාන්විත වෙයි |
අමුද්‍රව්‍යක් වෙයි | නිමයුමකි |
අවිධිමත් වෙයි | විධිමත් ආකාරයකින් පවතී |
තේරුම් ගැනීමට අපහසුයි | තේරුම් ගැනීම පහසුයි |
සංකීර්ණ වෙයි | සරල බවින් යුතු වෙයි |
සැකසීමට සිදුවෙයි | සැකසීමට භාජනය කර ඇත |
Characteristics of Information
තොරතුරු වල ගති ලක්ෂණ
දත්ත මෙන්ම තොරතුරුද විශේෂිත ගති ලක්ෂණ සමුහයකින් යුක්ත වෙයි. මෙම සුවිශේෂී ලක්ෂණ තොරතුරු වලට පමණක් ආවේණික ලක්ෂණ ලෙස හැඳින්විය හැක. පහත සඳහන්ව ඇත්තේ ඉන් කිහිපයකි
අර්ථවත් බව
තොරතුරක් සෑම විටම අර්ථවත් බවින් පිරී පවතී, තොරතුරු මගින් යම් පුද්ගලයෙක්,ක්‍රියාවලියක්,සිද්ධියක් හෝ ස්ථානයක් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් පවතී.
උදා - ළමයකුගේ විෂයක ලකුනු මගින් ඹහුගේ අධ්‍යාපන තත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත නොහැකි අතර සියලුම විෂයන් සඳහා ලබා ගත් සාමාන්‍ය ලකුණු මගින් ඹහුගේ අධ්‍යාපන තත්වය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැක.
පෙරදැනුම නවීකරණය කරයි
පුද්ගලයින් හට දැනුම වර්ධනය කරගැනීමට තොරතුරු මහත්සේ උපකාරී වෙයි. යාවත්කාලීන වූ තොරතුරු වලින් සන්නද්ධ පුද්ගලයාගේ දැනුම් මට්ටම සැම විටම ඉහල තත්වයක පවතී. කාලය සමග යල්පැන යන තම දැනුම වර්ධනය කරගැනීම සඳහා තොරතුරු මහත් පිටිවහලක් සපයයි.
උදා - මීට වර්ෂ 10 කට පෙර ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිඹඳව දැන සිටි තොරතුරු පුද්ගලයෙකු හට තම දැනුම වර්ධනය කර ගැනීම සඳහා නවතම ජන හා සංඛ්‍යාලේඛණ තොරතුරු භාවිතා කල හැක.
සන්නිවේදනය කිරීමට හැකි බව
එනම් තොරතුරු එක් ස්ථානයට සිට තවත් ස්ථානයක් කරා යැවීම සිදු කල හැකි බවයි. සන්නිවේදන මාධ්‍යක් භාවිතා කරමින් තොරතුරු සම්ප්‍රේශනය කිරීමේ හැකියාව පවතී.
උදා - ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්ථ මේන්තුව මගින් තමන් විසින් සකසන ලද තොරතුරු රජයට මෙන්ම මහජනතාව වෙත සන්නිවේදනය කරයි.
කාලීන මෙන්ම තීරණගැනීමට උපකාර කරයි.
තොරතුරු කාලීන වන අතර, කාලීන තොරතුරු වලට ඉහල වටිනා කමක් හිමි වෙයි. තොරතුරු වල වටිනාකම කාලය ගතවීමත් සමග ක්‍රමයෙන් අඩුව යයි. එසේම යම් ආතනයකට තොරතුරු මත පදනම්ව වැදගත් තීරණ ගැනීමේ හැකියාවක් පවතී.
උදා - අප කිසි විටක මාස කිහිපයක් පැරණි පුවත්පතක් කියවීමට කැමැත්තක් නොදක්වන අතර සැම විටම නවතම පුවත් පත් කියවීමට කැමැත්තක් දක්වයි, එපරිද්දෙන්ම තොරතුරුද යාවත්කාලීන වන තරමට ඒ සඳහා පවතින අගයද ඉහල මට්ටමක පවතී.
උදා - ව්‍යාපාර ආයතනයක් වර්ෂ අවසානයේ නිර්මාණය කරනු ලබන ලාභ අලාභ ගිනුම පදනම් කරගනිමින් තම ආයතනයට වැදගත් වන තීරණ ගැනීමට හැකියාවක් පවතී, විශේෂයෙන්ම දිගින් දිගටම අලාභ ලබයි නම් තවදුරටත් ව්‍යාපාරය කරගෙන යෑම හෝ නොයෑම පිළිබඳ තීරණය කල හැක.
තොරතුරු විශ්මය දනවන සුලුයි
පුද්ගලයන්ට හෝ ආයතන වලට තොරතුරු මගින් විවිධ කාරණා පිළිබඳව පැහැදිලි අවබෝධක් ලබා ගත හැකි බැවින් එය විශ්මය දනවන කාරණයක් වීය හැක.
උසස් පෙළ පන්තියක සිසුවෙකු හට පැමිණීමේ නාම ලේඛණයක තිබෙන දත්ත දෙස බැලීම සාමාන්‍ය දෙයක් උවත් ඔහුගේ පැමිණිමේ ප්‍රතිසථය 75% ලෙස ඇසීමට ලැබුන හොත් එය ඉතා විශ්මය දනවන කාරණයක් විය හැක.
සරල හා පැහැදිලි බව
තොරතුරු සැම විටම සංකීරණ බවින් අඩු අතර තේරුම් ගැනීමට හැකි තත්වයෙන් පවතී.
Information
තොරතුරු යනු
තීරණ ගත හැකිවන පරිදි අර්ථවත් ලෙස සකස් කරන ලද දත්ත තොරතුරු නමින් හැඳින්වෙයි.
උදාහරන - රටක සමස්ථ ජනගහන වර්ධන අනුපාතය
ආයතනයක වාර්ශික ලාභ අලාභය
පන්තියක ළමුන්ගේ පැමිණීමේ ප්‍රථිසතය
වර්ෂයකදී රිය අනතුරු වලින් මිය ගිය ප්‍රමාණය
රටක සාක්ෂරතාවය
දත්ත තොරතුරු බවට පරිවර්ථනය කිරීමේ ක්‍රමවේදය
දත්ත තොරතුරු බවට පරිවර්ථනය කිරීමේ මූලික ක්‍රියාවලිය දත්ත සැකසීමේ ක්‍රියාවලිය ලෙසින් හැඳින්වෙයි.
Types of Data
දත්ත පැවතිය හැකි ආකාර
දත්ත විවිධාකාර වූ ක්‍රමවේද අනුව සැකසී තිබිය හැක සැම විටම දත්තයක් යනු හුදෙක් අකුරු හෝ ඉලක්කම් වලින් සමන්විත එ්කකයක් ලෙස සැලකීමට නොහැක. ඒවා බහු මාධ්‍ය ආකාරයෙන් පැවතිය හැක. දත්ත පැවතිය හැකි ප්‍රධාන ආකාර 3ක් පවතී.
ලිඛිත සටහන් ලෙස
දත්ත අක්ෂර හෝ සංඛ්‍යා ආකාරයෙන් පවතී, බොහෝමයක් දත්ත මෙම ආකාරයෙන් පවතී, ලිවීමට හා කියවීමට හැකියාව පවතින ඕනෑම භාෂාවකට අයත් අක්ෂර හෝ සංඛ්‍යා මෙම ගනයට අයත් වෙයි.
ශ්‍රව්‍ය
පුද්ගලයෙක හට කනින් ඇසීමට හැකි ශබ්ද තරංග මෙම ගනයට අයත් වෙයි. පරිගනක මෙන්ම වෙනත් විද්‍යුත් උපකරන වලදී බහුලව භාවිතා කිරීමට හැකියාව පවතී. දත්ත මෙවැනි ශබ්ද තරංග ආකාරයෙන්ද පැවතිය හැක. මෙවැනි ශබ්ද තරංග ග්‍රහනය කරගැනීම සඳහා මයික්‍රෙළෆෝන භාවිතා කරනු ලබන අතර ප්‍රථිදානය සඳහා ස්පීකර භාවිතා කරනු ලබයි.
උදා - සංගීත ඛණ්ඩ, අධ්‍යාපන වැඩසටහන්,
දෘශ්‍ය
පුද්ගලයෙකු හට ඇසින් බලා අවබෝධ කරගත හැකි දෘශ්‍යමාන පින්තූර,වීඩියෝ වැනි දෑ මේවාට අයත් වෙයි. මෙවැනි දත්ත ආදාන කරගැනීම සඳහා කැමරා භාවිිතා කරනු ලබයි.
උදා- පින්තූර, වීඩියෝ,සලකුණු
දත්ත වර්ගීකරණය
දත්ත ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් අනුව වර්ග කල හැක.
ප්‍රමානාත්මක දත්ත
සංඛ්‍යාත්මකව ඉදිරිපත් කල හැකි දත්ත මෙම නමින් හැඳින් වෙයි. එනම් එකතු කිරීම්,අඩු කිරීම්,බෙදීම වැනි ගණිත කර්ම වලට භාජනය කල හැකි දත්ත මෙම ගනයට අයත් වෙයි.
උදාහරන - පුද්ගලයෙකුගේ වයස,උස, බර වැනි ප්‍රමානාත්මකව ප්‍රකාශ කල හැකි දෑ.
ගුණාත්මක දත්ත
ප්‍රමාණාත්මකව ඉදිරිපත් කල නොහැකි ගුණාත්මක දෑ මෙමගින් හැඳින්වෙයි.
උදාහරන - ඇපල් ගෙඩියක බර ප්‍රමානාත්මකව ඉදිරිපත් කලද එහි රසය පිළිබඳව ප්‍රමානාත්මකව ඉදිරිපත් කල නොහැක.
Characteristics of Data
දත්ත වල ස්වභාවය / ලක්ෂණ Characteristics of Data
අවිධිමත් - බොහෝ විට දත්ත විධිමත් බවකින් තොරව පවතී, එනම්
ඒවා රැස් කරන විටදී පිලිවෙලකින් තොරව වර්ග කර තිබිය හැක එසේම අසම්පූර්න ආකාරයට
පැවතිය හැක. බොහෝවිට මෙය දත්ත එක් රැස් කරනු ලබන පුද්ගලයා මත තීරණය විය හැක.
උදාහරන - ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්ථ
මේන්තුව විසින් නිවසකින් දත්ත ලබා ගැනීමේදී ඒවා වෙන වෙනම වර්ග කිරීමකින් තොරව ලබා
ගන්නා අතර පසුව වයස් අනුව ජන ගහනය, ජාති අනුව ජනගහනය, ආගම් අනුව ජනගහනය ආදී ලෙස
වර්ග කර විශ්ලේෂණාත්මක තොරතුරක් ලෙස ඉදිරිපත් කරනු ලබයි.
අර්ථ විරහිත - මෙමගින් අදහස් වන්නේ දත්ත තිබෙන ආකාරයෙන්ම
භාවිතා කිරීම තුලින් කිසිවෙකුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා බලපෑමක් සිදුකල
නොහැකි බවයි. එනම් තම අරමුන කරා ලඟාවීම සඳහා දත්ත මගින් සිදුකරන බලපෑම ප්‍රමානවත්
නොවන බවයි.
උදාහරන - උසස් පෙළ සිසුන්ගේ 80% පැමිණීම පිළිබඳ
සොයාගැනීම සඳහා පන්ති නාම ලේඛණයක පිටු වල
ඇති 1 සහ 0 යන දත්ත දෙස බලා තීරනයකට එලබිය නොහැකි අතර ඒ සඳහා එම දත්තය ප්‍රමානවත්
නොවෙයි
උදාහරන - වෙළඳ ආයතනයක දින කිහිපයක භාණ්ඩ විකිනීම් කරනු
ලැබූ බිල්පත් දෙස බලා ව්‍යාපාරය ලාභ ද අලාභද යන්න තීරණය කල නොහැක.
අසංවිධිත - පවතින ආකාරයෙන් ප්‍රෙයෝජනයට ගත නොහැකි බව. එනම්
දත්තයක් සැම විටම ප්‍රයෝජනයට ගැනීමට නම් තිබෙන ආකාරයෙන් වෙනත් ආකාරයකට පරිවර්ථනය
කර ගත යුතුයි.
උදාහරන - වෙළඳ ආයතනයට භාණ්ඩ විකිනීම හා
මිලදීගැනීම් පිළිබඳව දත්තයන් නිකුත් කරනු ලැබූ බිල් පොත් තුල මෙන්ම ආයතනය වෙතට
ලැබූ බිල්පත් වල සඳහන්ව ඇත, මෙම දත්තයන් ප්‍රයෝජනයට ගැනීමට නම් ඒවා තොරතුරු බවට
පරිවර්ථනය කර ගැනීමට අවශ්‍ය වන අතර එහිදී ඒවා වෙනත් ආකාරයට වාර්ථබවට
පරිවර්ථනය කරගැනීමක් සිදු කරනු ලබයි.
උදාහරන - පන්තියක නාමලේඛණයේ සඳහන්ව ඇති පැමිණීමේ
දත්ත එනම් 1 හා 0 ලෙසින් පවතින දත්ත තොරතුරු බවට පරිවර්ථනයේදී සංඛ්‍යා
බවට පත් කරගනු ලබයි.
රුස්කර තබා ගැනීමට හැක - දත්ත ගබඩා කර තබා ගැනීමට ඇති හැකියාවය මෙමගින්
අදහස් වෙයි. දත්ත කඩදාසි මාධ්‍ය ලෙසින් පොත් තුල මෙන්ම විධ්‍යුත් මාධ්‍ය ලෙසින්
පරිගණක තුල හා වෙනත් විද්‍යුත් උපකරණ තුල ගබඩා කර තබා ගැනීමට හැකියාව පවතී.
සම්‍ප්‍රේෂණය කල හැකි බව - එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත යැවීමේ
හැකියාව එනම් සන්නිවේදනය කිරීමට ඇති හැකියාවයි. දත්ත එක් ස්ථානයක සිට තවත්
ස්ථානයකට,පුද්ගලයෙකු වෙත යැවීමේ හැකියාව පවතී.
දත්ත සැකසීමේ හැකියාව පවතී - සැකසීමේ හැකියාව ලෙසින් හැඳින්වෙන්නේ යම්
ගණිතමය ක්‍රමවේදයක් හෝ වෙනත් ක්‍රම වේදයක් අනුගමනය කරමින් තේරුම් ගැනීමට හෝ තීරන
ගැනීමට හැකි වන පරිදි සැකසීමයි.
උදා - සාමාන්‍ය අගය සෙවීම, එකතු කිරීම,ප්‍රථිසත
සෙවීම.
තොරතුරු වල මූලික තැනුම් ඒකක හා ගති ලක්ෂණ
තොරතුරක් නිර්මාණය කිරීම සඳහා පැවතිය යුතු ප්‍රධානතම සාධකය වන්නේ දත්තයි. එබැවින් දත්ත තොරතුරු වල මූලික තැනුම් ඒකකයන් ලෙසින් හඳුන්වනු ලබයි.
තොරතුරු හා දත්ත පිළිබඳව මීට පෙර ඔබ අසා ඇත එනම් විවධ අවස්ථා වලදී මේපිළිබඳව අපට අසන්නට ලැබෙයි උදා- “ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්ථ මේන්තුව මගින් මෙම දින වල දත්ත රුස් කිරීම සිදු කරනු ලබයි“ මෙවැනි ආකාරයේ සිද්ධීන් පිළිබඳව ඔබ දැනටමත් අසා තිබිය හැක. එසේ නම් දත්ත යනු මොනවාදැයි පිළිබඳව අපි දැන් විමසා බලමු.
දත්ත යුනු මොනවාද..?
තීරණයක් ගැනීම සඳහා භාවිතා කල නොහැකි අවිධිමත්, අර්ථ විරහිත අසංවිධිත විස්තරයක් / අංග සමූහයක් දත්ත ලෙසින් හැඳින්වෙයි.
උදා - ජන හා සංඛ්‍යා දෙපාර්ථ මේන්තුව විසින් සිදු කරන් ලබන දත්ත එකතු කිරීම උදාහරනයක් ලෙසින් හැඳින්විය හැක. මෙහිදී එම නිලධාරීන් ගෙයින් ගෙට පැමිණ නිවාස හා පවුල් වලට අදාල දත්ත පත්‍රිකා තුල වාර්ථා කර ගනු ලබයි.
පන්තියක සිසුන්ගේ පැමිණීම පිළිබඳව දෛනිකව නම් පොතෙහි සටහන් කරගනු ලබන දත්තයන්.
වෙළඳ ආයතනයක විකුණුම් සිදුකිරීමට අදාල දත්තයන් (භාණ්ඩ විකිණීම් මිලදීගැනුම් විස්තර)
Subscribe to:
Posts (Atom)